Wednesday, October 28, 2009

අපේ නිර්මාණ කැදැල්ල................




කිරි කඳුළුවැල්........

දෑසට පිරෙන කදුළු කැට

සඟවමින් ලෝකයට

හැඩ බලයි විශ්වයෙම......

හසරැලි රඳවා

දෙකොපුල් මත

ඇසි පිය ගසයි සිය වරක්

නවතන්නට කදුළු ගඟ........

ඇදව යන මුව කමල

මහා ඉකියක්

දැන් නඟයි, දැන් නඟයි,

සිතෙයි මට

නුඹ සිනාසෙයි කදුළු සඟවා

ඉතින්,

නුඹේ ඹය හපන් කම්වලට

සත්තටම මනෙතට උනයි

කදුළු වැල්........

යෙහෙළියන් සොයුරියන්

සියළු දෙන

හිරුටත් හොරෙන් වැඩි

කිරි අම්මාවරැන්ගේ දනට

ඇරයුම් ලබන්නට

වරම් නොලැබු දුකට

නාඩා හිදින්නට බලපන්........

පින්වත් පුත් කුමරෙක්

වඩියි මුළු ලොවට හොරෙන්

අද හෙටම නු‍ඹෙ කුසට......






කිරි සිනා වැල්...............

සැඟවු කඳුළු වැල්

දෙ‍කොපුල් පෙරා

ගැලුයුරු දුටිමි මම

ළය ගස්සමින්

මහා මේඝයක් මෙන්

නුඹව වෙව්ලා ගිය යුරැ

බලා හිදිමි මම

ඉකි බිදිමින් නුඹ හඩයි

දරාගත නොහැකිව

හඩමින් සිනාසෙයි

ඉතින්මම සැනසීමි..........

ශේෂ වන්නට ඉඩ තියන්

ඔය හසරැලි බිදක් හෙටටත්

අවැසි වනු අැත නුඔට

වසර දහ හතරකට පසු

අදහා ගන්නටත්

නොහැකි ලෙස

නුෙඹ් පාළු කුසට

වැඩි පුත් කුමරුන් සමගින්

සිනහ නගන්නට.......

බලා හිදිනු මැන

සාර මසකින් පසුව

කිරි සිනා වැල් රැගෙන

වඩින තුරු කිරි කැටි කුමරු ........

එස්.එච්.ගංගා සුදර්ශනි
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස













මිරිස්සේ ඉතිහාසය හා පිහිටීම :-



මිරිස්ස වූ කලි ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ඉතා විශාල වපසරියකින් යුක්ත ග්‍රාමයකි. ඒ අනුව මිරිස්සේ ඉතිහාසය ඈත අතීතයේ කාවන්තිස්ස-විහාර මහා දේ‍වී පුවතටත් එහා ගිය එකක් බව කිව යුතුය. මෙම ග්‍රාමයට මිරිස්ස යන නම ලැබීම පිළිබව ජනප්‍රවාදයක් පවතී.

රුහුණු රට මාගම රාජධානිය කොට ගෙන රජ කල කාවන්තිස්ස රජුගේ අග මෙයහසිය වූ විහාර මහා‍ෙද්වියට දුටුගැමුණු කුමරු ලැබෙන්නට සිටින අවධියේදී මීයක් කෑමට දොළක් ඇතිවිය. මේ බව ඇය රජුට සැළකල අතර රජතුමා තම රාජ සේවකයන් කැඳවා, කෙසේ හෝ මීවදයක් රැගෙන එන්නැයි පිටත් කර හැරියහ. ඔවුහු ඒ සඳහා මීගමුවට ගොස් විශාල මිවදයක් රැගෙන ආපසු එමින් සිටියදී මිරිස්සේ මිරීකන්ද නම් ස්ථානයේදී (වර්තමානයේ පොල්අතු ගඟට මීටර් 300-400 ක් පමණ මාතර දෙසට වන්නට ගාලු පාරට මායාම්ව පිහිටා ඇත.) එම මීවදය ලිස්සා වැටුණු බව කියැ‍ෙව්. එම මීය ලිස්සා වැටුණු තැන හෙවත් මීය රිස්ස වූ තැන (මීය+රිස්ස) මිරිස්ස වූයේ යැයි සඳහන් වේ.

කෙසේ වෙතත් රාජකීය පණ්ඩිත මිරිස්සේ ධම්මසිරි නා හිමියන් වහන්සේ ද මේ පිළිබව විවරණයක් ලබා දී ඇත. එහි මීය තිබූ ස්ථානය පිළිබ අදහසට එකඟ නොවන උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ වෙනත් මතයකි. උන්වහන්සේට අනුව එම මී වදය තිබුණේ මීගමුවේ නොව දැනට මිරිස්‍ස-බණ්ඩරමුල්ල නම් ගමට යාබදව පවතින “ගිරාගල” යන ස්ථානයේ මුණින් අතට වූ විශාල ඔරුවක බවයි. උන්වහන්සේ එය සනාථ කිරීම සඳහා යොදාගන්නේ පාළි මහාවංශයට පෙර පැවති සිංහල මහාවංශ කථාවෙහි මහාවංශ ටීකාවේ සඳහන් විහාර මහා‍ෙද්වියගේ දොළ පසිඳලීම පිළිබඳ විස්තරයයි. එහි සඳහන් වන්නේ ගිරිවෘජය නම් ප්‍රදේශයේ වූ මී ගසකින් රොන් ගෙන යන ඹබරුන් මුහුදේ යටිකුරුව තිබූ ඔරුවක රියන් සියයක් දිග මීවදයක් බැඳ තිබු බවත් උපායශීලීව පිලවෙකුගේ මග පෙන්වීම යටතේ එතනට පැමිණි කාවන්තිස්ස රජතුමා එම මීවදය ලබා ගෙන ගිරාගල් තලාවෙන් මතුයෙහි තබා එහි අග්‍ර කොටස භික්ෂු සංඝයාට පූජාකොට පසුව විහාරමහා දේවියගේ දොළ පසිඳලිම උදෙසා අනුභව කිරීමට ලබාදුන් බවත්ය. තව දුරටත් උන්වහන්සේ පවසන්නේ මෙහි ගිරිවෘජය යන්නෙන් මිරිස්ස ග්‍රාමය හැදින්වෙන බවයි. ඒ සඳහා උන්වහන්සේ ඉදිරිපත්කරන තර්කය වන්නේ ඉසිගිලි, වේහාර, ගිජ්ජකූට, පාණ්ඩව යන පර්වතයන්ගෙන් වටවූ නිසා මගධයේ අගනුවර ගිරිවෘජ නම් උනිනම් ගිරාගල, නැව්ගල, වෙහෙරගල්ල, මිරිහිකන්ද යන කඳුවලින් වටවූ මිරිස්ස ද ගිරිවෘජයක් බවයි. එනිසා මෙම ටීකාවෙහි සඳහන් ගිරිවෘජය මිරිස්ස ලෙස හඳුනාගත යුතු බවයි උන්වහන්සේගේ අදහස වන්නේ.

තවද මිරිස්සේ ඇති “ගරාඬුව” නම් ග‍ෙඟ් පිහිටි සිරිබන්දලෙහි සිරිය බැලූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශ කාව්‍යයේ පහත ආකාරයෙන් සඳහන්වේ.

“නිරිඳුන් සදිසි සිළු මිණිකුල සතපාය

දිවියෙන් ගිජිඳු සරි යසසින් මිණිපාය

සිරිබන් තැන පිහිටි විජයබ නරපාය

සිරිබන්දලෙහි සැතපෙව පිය සතපාය

(ගිරාගල)

මේ සියළු කරුණු වලින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මිරිස්ස ග්‍රාමය ඉතා පැරණි ගමක් බවයි.



සකස් කිරීම- ඒම්.බී.සමන් පුෂ්පකුමාර
සාමාජික අංක 66
මිරිස්ස












මිරිස්සේ සුන්දර පරිසරය

o ගිරාගල

ගිරාගල මිරිස්ස සංචාරකයින්ගේ හිත දිනාගත් තවත් ඒක් සුන්දර ස්ථානයකි. එය Paradise Beach hotel සිට 250m පමණ දුරින් සයුර මැද පිහිටා තිබෙන්නකි. මෙය වර්ග මීටර 125ක් පමණ විශාල වන අතර එහි අවට ශ්‍රී ලංකාවෙදී පමණක් දැකගත හැකි කොරල්පරද දැක ගත හැක. එපමණක් නොව scuba diving වලටද කදිම ස්ථානයකි. එමනිසා සංචාරකයින් මෙහි පැමිණීමට කැමතියි.

කන්දේ පන්සල

කන්දේ පන්සලද නිස්කලංක වූත්, දැකුම් කඏ වූත් ප්‍රදේශයක පිහිටා ඇත. එය විශාල කන්දක් මුදුනේ පිහිටා ඇත. භික්ෂූන් 50ක් පමණ වාසය කරන මෙම පන්සල සාගරයට අසලින් පිහිටා තිබේ. ඒමනිසා ඹබට sea view ඉතා මනරම් ලෙස දැකගත හැක. වාහන හා අනෙකුත් ශබ්දයන්ගෙන් නිස්කලංක වූ ස්ථානයක් බැවින් ඹබට කුරුල්ලන්ගේ හඬ හා නැවුම් සුළඟ මනරම්ව දැනෙනු ඇත. සවස් යාමයේ ඉර බැස යාම the sun set ඉතා කදිමෙට පෙනෙන ස්ථානයක් බැවින් ඒ කාලයන්හිදි සංචාරකයින් පැමිණීමට යුහුසුළු වෙති.

o මිරිස්ස වරාය

මිරිස්ස වරාය මෑතකදී ස්ථාපිත කරනු ලැබූ විශාල වරායකි. වර්තමානයෙ බෝට්ටු 60-70 පමණ ප්‍රමාණයක් දිනකදි නැංගුරම් දැමිය හැක. ඒපමණක් නොව මෙම මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ලෙස ලාභ ලබති. ඹවුන් සිතනා අන්දමට මිරිස්ස යනු මත්ස්‍ය උල්පතකි. දැන් දැන් මත්ස්‍යයින් දකුණු ලක ප්‍රධාන නගර වලට හා වෙනත් නගරවලට මිරිස්ස වරායෙන් ප්‍රවාහනය කරයි. එපමණක් නොව මෙම වරායෙන් සංචාරකයින් සදහා බෝට්ටු සංචාරද සූදානම් කර ඇත. ඒමඟින් ඹවුන්ට අමතර ලාභයක්ද ඉපයිය හැක. හිමිදිරි උදයෙ ඉර උදාවෙනු ඉතා පැහැදිලිව දැක ගත හැක.

සුන්දර ගිරාගල, කන්දෙ පන්සල, මෙන්ම මිරිස්ස වරාය නිසා මිරිස්ස ගම්මානයෙ සුන්දරත්වය, උරුමය වැඩිවේ.එය අප මිරිස්ස සංචාරක ව්‍යාපාරයෙන් ලබාගන්නා ප්‍රධානතම වාසියකි.


සැකසුම-

චම්ලි මාලන් ඉහලනායක

නාලන්දා නැණසල

මිරිස්ස







මගෙ ආදර අම්මා.........

මිහිතල‍‍‍යේ ති‍‍බෙන මිනිකැට
‍‍ මෙන් රුව ඇ‍ගෙ
මහ‍‍පොළව කම්පා වී සැ‍ලෙයි
ඇ‍ගෙ ගුන මහි‍මෙ බලෙ
සැමවිටම ‍හොද පමනි නරකක්
නැ වුයෙ
පතමියි දිගාසිරි ඔබ හට
මේ ‍ලොකෙ.

දස මස කුස තියා
මා හැදු මගෙ අම්මෙ
‍ලේ කිරි කර පෙවු ම‍ගෙ
ආදර අම්මෙ
‍මේ ලොව හොද නරක
පහදා දුන් අම්මෙ
සැමදා ණය ගැතියි
මගෙ ආදර අම්මෙ

අම්මා බඩ ගින්නෙ ඉද
මට රජ ‍‍බොජුන් කවා
මා හැදු‍වෙ ඹබ ‍ලේ
කදුළු සලා
මම ‍හොද පු‍තෙක් කල
ම‍ගෙ ආදර අම්මා
මම සැමදා ගැතියි
ඹබ හට ම‍ගෙ අම්මා

සුදු සද ව‍ගෙයි ඇ‍ගෙ
මුව හැම වෙලේ
පුන්සද පරාදයි ඇගෙ
හද මඩල කෙ‍රේ
දිවි‍යේ උතුම් වූ ඇය
මුලු ලොව දන්නේ
පුදුමයි අම්මෙ මබ මතු
බුදු ‍නොවන්නේ


චම්ලි දුලාජ්
සාමාජික අංක 35
‍නාලන්දා නැණසල
මිරිස්ස



japan

ජපානය යනු තම ශක්තිය සහ අධිශ්ඨානය මත දියුණුවු ලොව ඉදිරියෙන්ම සිටින රටකි. ජපානය දියුණුවුයේ ඔවුන්ගේ කැපවිම සහ ජපන් අන්‍යයතාවය මතය.එනම් ජාතියක් වශයෙන්ද ඔවුන් ජපන්ය,භාෂාවක් වශයෙන්ද ඔවුන් හපන්ය.
ජපානයේ 100‰සම්බන්දීකරන කටයුතු සිදුකරනු ලබන්නේ ජපන් භාෂා‍‍වෙනි. ජපන් භාෂා‍‍වේ ප්‍රධාන අක්ෂර ‍හෝඩි 2 ක් තිබේ.
• HIRAGANA හෝඩිය • KATHAKANA හෝඩිය

මීට අමතරව ‘ KANJI’ චීන අක්ෂර හෙවත් රෑපාක්ෂර භාවිතාකරනු ලැ
බේ.

හිරගන හෝඩිය

හිරගන හෝඩිය භාවිතාකරනු ලබන්නේ ජපානයට ‍දේශීය වචන ලියා දැක්විම සඳහාය. එනම් ජපානයට ආවේනික වූ සියලුම වචන ලියාදක්වනු ලබන්නේ හිරගන හෝඩියෙනි.
Mr. kanaka (kanaka san)
Shashi (rice)
Hashi (chopstick)
Sake (liquor)
Sashimi (raw fish)

කතකන හෝඩිය

කතකන හෝඩිය භාවිතාකරනු ලබන්නේ ජපානයට විදේශීය ලියා දැක්විම සඳහාය. එනම් ජපානයට ආවේනික ‍නොවන සියලුම වචන ලියාදක්වනු ලබන්නේ කතකන හෝඩියෙනි.
Surrippa (slippers)
torakko (truck )
Kuriketto (cricket)

සැකසුම
සජිත් ප්‍රසන්න
වැලිකෙඩ් ෙගදර
කඹුරුගමුව
සාමාජික අංක 63





කාලයේ වැලි තලාවෙන් වැසී යන ජන කවියක් මතක් කරමි





සොරබොර වැවට කී කවි


අලබාලේ මල් ඓලියේ තනඤයි

සොරබො වැවේ තාවුල පිට ඉඤ්ඤයි

අතක වලලු නද දීලා දුවඤ්ඤයි

කාරිය කියන්නට නිල් මල් පුඤ්ඤයි


සොරබොර වැවේ එගොඩත් ඉන්නේ වැද්දෝ

සොරබොර වැ‍ෙව මෙගොඩත් ඉන්නේ වැද්දෝ

සොරබොර වැවෙ දෙගොඩම ඉන්නේ වැද්‍දදෝ

සොරබේර වැවේ බැස පීනන්නේ ‍ වැද්දෝ


පන් කවි


අමා විලේ පන් කපනා ළමාලා

පන් කොළ මිටක් ගෙන අවුවෙ තවාලා

එපන් දවුර සීනතු කොට ඉරාලා

ඉරිදා සමයමට පැදුරක් වියාලා


ඉසට පියුම් ලා කොට්ටේ වියාපන්

පයට පියුම් මල් කොට්ටේ වියාපන්

හන්ස ගිරවු ගෙන දෑලේ වියාපන්

ඉරිදා සමයමට පැදුරක් වියාපන්



ඉරේෂ් ප්‍රමුදිත සඳරුවන්

සාමාජික අංක 60

නාලන්දා නැණසල

මිරිස්ස




නිර්මාණය-ගංගා සුදර්ශනි
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස

ලස්සන සමනල්ළු........


ලස්සන ලස්සන

මල් සමනල්ළු...........

මල් පැණි බීලා රන් සමනල්ළු...........

උන් අපි වා........ ගේ

අහි ංසකයිළු.........

උන් අපි වා........ ගේ

හරි සුරතල්ළු.........





කරත්තයක බැදි ගවයකුවන මා ගතකරන්නේ ඉතාදුක්බර

ජීවිතයකි

හිමිදිරි උදෑසනම පිබිදෙන මම මගේ ගැල්

කරුවන මගේ ස්වාමියාට සේවය කරන්නෙමි

මට අැදිය නොහැකි තරම් බොෙහා් බර

ගැලක පටවාගෙන අදිනවිට මට දැනෙන

ෙව්දනාව කියානිමකල නොහැකිය. මාඉතා

විශාල කදු තරනය කරනවිට මට දැනෙන

වෙහෙස අපමනයි. මට හැකිශක්තියෙන්

උපරිම ලෙස ෙස්වය කලත් මගේ

ස්වාමියා මට කෙවිටෙන් තලන වාර අනන්තය

නිදහසේ සැරිසරන මගේ මිතුරන් දුටුවිට

මගේ සිතටදැනෙන ෙව්දනාව මා

කාටකියන්නද? කිසිදු අහරක් නැතිව බැරි බර

අදිමින් වෙහෙසෙන අප ගැන සිතන්නේ

කවුරුන්ද? තරුණ කාලයේ අපෙන් වැඩ ගෙන

වියපත් වූවිට මස්කඩ මුදලාලිට මා විකුනවියැයි

මගේ සිතේ වරින්වර බියක්ද අැති වෙයි


ෙසව්මිණි භාග්‍යා

සාමාජික අංක 31

නාලන්දා නැණසල

මිරිස්ස




Tuesday, October 13, 2009

අපේ පුරාවෘත...........


අදත් හෙටත් කවදාවත් හෙටක් උදා නොවන
“බාලගිරි අද නොවේ හෙට”



“බාලගිරි අද නොවේ හෙට”අදත් බිළිඳුන් හිඳින නිවෙස්වල ගෙදර උළුවස්සේ මෙලෙස සඳහන් කර තිනෙනු දක්නට හැක. බාලගිරි දෝෂය නමින් බිළිදුන්ට වැළදෙන රෝගයක් පිළිබඳව දුරාතීතයේ පටන් විශ්වාසයක් අප ජන සමාජයේ පවතී. මේ රෝගය වැළදුනු බිළිදුන් සවස් කාලයට ඇඹරෙමින් හඩන බව පැවසේ. මේ බාලගිරිදෝෂය හදුන්වනු ලබන්නේ බාලගිරි නම් යක්ෂයෙකු විසින් බව විශ්වාස කරන පැරණි ගැමි සමාජයේ සමහරු බිළිදකු බිහි වූ පසු බාලගිරි අද නොවේ හෙට යනුවෙන් අඟුරු කැටයකින් උළුවස්සේ ලියා තබන්නට පුරුදු වුහ.
වැඩිහිටියන් විසින් මෙසේ කරනු ලබන්නේ තම බිළිදා ලෙඩ කිරීමට එන යක්ෂයා නොමඟ යැවීමට බව පැහැදිලිය.බිළිදාට වින කිරීමට දිනපතා එන යක්ෂයා මේ දැන්වීම බලා ආපසු යන බවට ඔවුහු විශ්වාස කළහ. මේ අනුව අදත් නාගරික සමාජයේ නවීනතම නිවෙස්වල පවා බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.
අපේ රටේ මිනිසුන් යක්ෂයන්,නාගයින් ඇදහුවේ මහින්දාගමනයට පෙරබව කියවෙන මුත් එය පිළිගත නොහැකිය.බාලගිරි නමින් යකෙකු සිටින බවට අදටත් විශ්වාස කරන ඔවුහු මේ යක්සයාගෙන් උපක්‍රමශීලිව මිදිය යුතු බවද පිළිගනිති .
කෙසේ උවද බාලගිරි යක්ෂයා යනු කවුරුන්ද යන්න අපි දැන් විමසා බලමු. මෙයට පුරාන කථාවක් මුල් වි තිබේ. මෙය ඉන්දියානු ජන කථාවකි.පසුව ඉන්දිය සංස්කෘතික බලපෑම මත මෙය අපේ ජන සමාජයටද පිවිස ඇත.
පුරාණ දඹදිව දන්ත පුරයේ සිංහ කුමරු නැමැති රජ කෙනෙක් විය.ඔහුගේ බිරිඳ වුයේ හංසවතී දේවියයි.මේ රජ යුවලට පුත් කුමරෙකු හා දූ කුමරියක වුහ.දු කුමරිය අතිශය රූමත්ය.කෙසේ උවද මේ දියණිය සම්බන්ධ‍යෙන් දෛවඥයන් මහා බලගතු අනාවැකියක් කියා තිබිණි.ඉන් පැවසියේ ඇගේ රෑමත්කම නිසාම ඇගේ සොයුරාවන දළ කුමරැ ඇය සහවාසයට පොළඹවා ගන්න‍ා බවයි.‍මින් මහත් කම්පාවට පත් රජතුමා සිය දූ කුමරිය එක් ගිරි ‍ෙලෙනක සැඟවු අතර ඇගේ ආරක්ෂාවට දැඬි මුර කාවල්ද යෙදුහ.
කෙමෙන් මේ කුමරිය ගිරි ලෙන තුළම තරැණවියට එළඹුණි.මේවන විට‍ පුත් කුමාරුද හැඬිදැඩි යොවුන් තරුණයෙකි.ඔහුතුළම තම සෙ‍ාහුරියක පිළිබඳව මහත් වු කුතුහළයක් පැවති අතර ඇය දැකිමේ බලවත් උවමනාවක් ඇති විය. ඒ නිසාම සොයුරිය දනින්නට නොදුන්නොත් මිය යන තුරුම ආහාර පාන වලින් වැලකී සිටින බවට මව්පියන්ට එැඟවු ඔහු උපවාසයක් ආරම්භ කළේය.ඉන් තම පුත් කුමරාගේ ජීවිතයට අනතුරක් වේය යන බියෙන් රජතමා ඔහුට සොයුරිය දකින්නට ඉඩ සළසා දුනි.
ඇතැම් විට කුඩාකළ දෛවඥයන් පැවස් අනාවැකිය මේ කුමරාගේ යටිසිත තුළඳ හොල්මන් කරමින් තිබෙන්නට ඇත.සොමුරිය දක්න්නට ගිරි ලෙනට ගිය මොහොතේ ඈ දැක වශී වු ඔහුට සිය හැඟීම් පාලනය කරන්නට නොහැකි විණි.අවසානයේ එු අනුව ඔහු අතින් කුමරිය දුෂණයට ලක් විය.
මේ ඛේදනිය තත්ව‍ෙයන් මහතසෙංවේගයට පත් කුමරිය එම ගත් ලෙන තුළම ගෙළ වැළදාගෙන දිවි නසා ගත්තාය.ඇය මිය ගියේ ද්වේශය මුලු කර ගනිමිනි.එනිසාම මරණායන් පසු ඇය නපුරු, දුෂ්ඨ දේවතාවියක වශයෙන් උපත ලද බව පැරණි පොත් පත්හි දැක්වේ.ගිරි ලෙනෙහි විසු බැවින් ඇගේ මරණින් පසු එහි වැසියෝ ඇය ගිරි දේවිය නමින් හදුන්වමින් ඇයට වැදුම් පිදුම් කළහ.
එමෙන්ම ඉන්පසු එම ශෝකවනක් උමතු බවට පත් ඇගේ සොයුරු දළ කුමරු මහා වනාන්තරයක වැද එහිදි මිය පරලොව ගොස් ගරා යකු වශයෙන් උපත ලද බවත්ද කියවේ.
මේ කථා ප්‍රවෘත්තිය අන් තැනක මෙසේද සදහන්ය.
දළ කුමරැ කෙදිනක හෝ තම සොයුරිය හා සහවාසවයි යෙදෙන බවට නිමිත්ත පාඨකයන් කි පුවත අසා මහත් කම්පාවට පත් පිය රජතුමා සහ මව් බිසව කුමරිය ගිරිකුළක සඟවා තැබුහ.දළ කුමරු නියමිත වයසට පැමිණෙත්ම ඔහුට සුදුසු කුමරියක ආවාහ කර දිමට දෙමව්පියන්ට අවශ්‍ය වී කුමරාට කැමති කුමරියක තෝරා ගැනිමට හැකිවනු පිණිස කුමරියන් පන්සියයක් රජ මැදුරට ගෙන්වුහ.මේ අවස්ථාව දැක බලා ගැනීම සදහා එතෙක් ගිරි ලෙනෙහි සඟවා තිබු තුමරියද ගෙන්වන ලදි.එහෙත් තම සරණ පතා පැමිණි සපැමිණි කුමරායන් පන්සිය වෙත අවධානයක් යොමු නොකළ දළ කුමරුවන්ගේ ඔහුගේම සොයුරිය වෙතයි.නමුදු ඔවුනොවුන් සොයුරු සොයුරියන් බව මේ වන විට කුමරිය මෙන්ම කුමරාද නොදැන සිටියහ.කසේ වෙතත් කුමරා තුළ මේ කුමරිය සම්බන්ධවයන් පවතින අදාමාන්‍ය ඇල්ම අනුව මේ රහස සඟවා දෙදෙනා විවාහ කර දීමට දෙමාපියන්ට සිදුවන ලද්දේ එසේ නෙ‍ාකළහොත් කුමරුගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බැවිනි.නමුදු දෙදෙනා විවාහපත්ව කුමරිය දරුවකු පිළිසිඳගත් ‍ෙමාහොතේ ඇයට මේ රහස අනාවරණය විය.ඉන් මහත් කම්පාවට පත් ඇය අසළ ගසක ගෙළ වැළලා ගෙන මිය ගියාය.මෙම ප්‍රකම්පණික සිද්ධි දාමයෙන් සිහි විකල් වූ දළ කුමරුද වන ගත විය.එසේ කාලයක් වනයේ සැරිසරා මිය ගිය කුමරා ගරා යකු ලෙසින් ජන සමුමතයට පිවිසිනි.දැන් එහු අවතාර දොළහකින් යුතුව ගෙනී සිටිමින් සමාජයට වින කරන්නෙකි.ප
පැරණි පොත පතෙහි සදහන් ගරා යකුගේ අවතාර දොළහ ‍ෙමලෙසිනි.
 කීල ගරා
 සෝලන් ගරා

 මෝලන් ගරා

 අඳුන් ගරා
 සඳුන් ගරා
 පට්ටි ගරා

 ඔකඳ ගරා

 ජල ගරා
 පුෂ්ප ගරා

 සොහොන් ගරා
 වට ගරා

 කොට ගරා

කුමරියද මිය යන විටද සිත තුළ පැවති ද්වේශය හෝ අධික සන්තාපය නිසා නපුරු , දුෂ්ඨ දේවතාවියක ලෙසින් උපත ලැබු බැවින් ඇයද ජන සමාජයට වින කරන්නියක වශයෙන් එකළ සමාජයේ පතළ විය.එහෙත් ඇගේ රෑපය නිර්වස්ත්‍ර ආකාරයෙන් නිර්මාණය කර වැව් අතර තබා වැදුම් පිදුම් කිරීමෙන් වැසි වැටී වැව් පිරී යැතැයි යන මිත්‍යා විශ්වාශය රජ රට ප්‍රසද්ශයේ මින් මඳ කලක් දක්වාම පැවතිනි.මෙසේ ජනතාවට වින කිරිම සදහා ගිරි ‍ෙද්විය අවතාර මවා ගන්නා බව පැවසේ.
 මඳන ගිරි
 හපුමල් ගිරි

 මෝලන් ගිරි

 භූත ගිරි

 නීල ගිරි

 අඳුන් ගිරි
 සේල ගිරි
 සොහොන් ගිරි

 බාල ගිරි

මේ එම අවතාරයි.මෙහිදි අප අතර ප්‍රචලිතව පවතින්නේ බාල ගිරි, මදන ගිරි,සහ මෝලන්ගිරිය.මෙයින් ඉතාම පැහැදිලි සදයක් වන්නේ අපේ ජන සමාජයේ අයහපත් සිතුම් පැතුම් වල සංකේතනයක් බවය. කිසියම් තරැණයෙකු හෝ තරුණියක අනුරාගිව හැසිරෙනු දකින විට ඊට ගැමියන් මඳනගිරියා වැහිලද කොහෙද? යනුවෙන් ව්‍යවහාර කරමින් අපි අසා ඇත්තෙමු.එසේම යම් ප්‍රචන්ඩකාරියෙකු පිලිබඳව සඳහන් කිරිමට මෝලන් ගිරියා යනුවෙන් ව්‍යවහාරය කිරීමේ පුරුද්දක්ද අතීත ජන සමාජය තුළ පැවතිණි.එමෙන්ම කුඩා දරැවකුගේ කායික හෝ මානසික අපහසුකාවයක් මත නිතර නිතර අපහසුවෙන් හඬනවා නම් ඊට බාලගිරි දෝෂය යන සංකේතාර්ථය ලබා දිමට ගැමි මෙන්ම නාගරික සමාජ‍ෙය් බොහෝ දෙනෙක්ද පෙළඹෙති.
මේ ආකාරයට මිනිස් සමාජයේ පවතින්නා වු යම් යම් චර්යාවන්ම ගිරි දේවියගේ අවතාර මගින් සංකේතනය වන බව මනාව පැහැදිලි වේ.

(පොත පත ඇසුරිනි)
එස්.එච්.ගංගා සුදර්ශනී
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස











Thursday, October 8, 2009

අ‍‍‍පේ වැඩක්........










අ‍‍පේ නැණස‍ලේ ‍ලේ දන් දි‍මේ උත්සවය දා ..........

2009.03.21


  • දිනු මව්බිම මුදා ගැනිමේ අවසන් තීරණාත්මක සටනේ යෙදි සිටී උදාර දැයේ විරු දූ පුතුන්ට ලේ බිදක් දන් දි ඔවුන්ව දිරිමත්කිරිමේ අති උතුම් මානුෂිය පැතුමින්යුතුව සංවිධානය කළ අපේ වැඩසටහනට.......

වැලිගම ප්‍රා‍දේශීය මහ ලේකම්තුමා , මිරිස්ස දකුණ 1 ග්‍රාම නිළධාරි මහතා මෙම අවස්ථාවට එක් වු අයුරු

‍අපි සුදානම් වු‍නේ ‍මේ විදියටයි......






තවත් ගොඩක් අය හමුදාවේ වීර සෙබළ සෙබළියන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කිරීමට අපි එක්ක මේ විදියට අත් වැල් බැඳ ගත්තා.........






අපට උදව් වු අ‍‍පේ සාමාජික‍යෝ.......

අපි ලබා දුන් මේ සිහිවටනය ලස්සනද බලන්න...


ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් අපි අනිවාර්යෙන්ම කරනවා......



අපිට උදව් කරපු අය.....

සිරි සුනන්දාරාම විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලා,
අපේ සාමාජිකයන්,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය, කොළඹ 07- ගරු සභාපතිතුමිය ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය,
මිරිස්ස හෙළ බොදු පුබුදු තරුණ සංවිධානය,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමයට අනුබද්ධිත කාන්තා සමිති වල සාමාජික‍ාවන්,
යශෝධරා වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
අංගිරස වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
ශ්‍රි ප්‍රඥාලෝක දහමි පාසලේ ආචාර්ය මඩුල්ල.



නාලන්දා නැණසල සාමාජික හවු‍ල නිපුණතා ඇගයී‍‍මේ බ්ලොග්කරණ හා චිත්‍ර තරඟාවලිය

මිරිස්ස නාලන්දා නැණසල මගින් සාමාජිකයින්ගේ ක්ෂතා ඇගයීමේ තරඟාවලියක් සුදානම් කර ඇත.එම තරඟ සදහා පහත පරිදි ඉදිරිපත් විය හැක.
සිංහල බ්ලොග්කරන තරඟාවලිය
(අනු අංශ හතරකින්
පැවැත්වේ)
1. නව නිර්මාණ පද්‍ය , ගද්‍ය හා කෙටි කථා අංශය - (ඔබේ නිර්මාණ ස්වයං නිර්මාණ නොවන බව ඔප්පු උව හොත් තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.)

2. ‍ඓතිහාසික වටි
නාකමකින් යුත් ස්ථාන අලලා සැකසු වාර්ථාමය අංශය

3.විෂයානුබද්ධ දත්ත ඇතුලත් අංශය

4.කාලීන වාර්ථාමය අංශය

චිත් තරඟාවලිය

‍‍‍‍‍‍‍ෙමම තරඟය සදහා කැමති මාතෘකාවක් ඔස් සේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

තරඟ සදහා ඉදිරිපත් වන ඔබදෙසැම්බර් 30 වනදාට ප්රථම ඔබගේ නිර්මාණ පහත විද්යුත් ලිපිනයට ‍‍‍යොමු කළ යුතුය.‍‍‍‍‍‍‍ෙමම තරඟජයග්රහකයින් සදහා තිළින හා සහතික පත් ප්රධානය කිරීමට සංවිධායක මන්ඩලය ෙම්වන විට කටයුතු සුදානම් කර ඇත.

තරඟයට ඇතුලත් විම සදහා පහත ‍‍ෙතාරතුරු සම්පුර්ණ කර අප වෙත එවන්න

§ නම

§ ලිපිනය

§ සාමාජික අංකය

§ ඉදිරිපත් වන තරඟ අංශය හා අනු අංශය

§ දුරකථන අංකය

§ බ්ලොග් අඩවියේ ලිපිනය

§ ඔබව සම්බන්ධ කර ගත හැකි විද්යුත් ලිපිනයන්

‍‍

ස්තුතියි

‍‍මෙයට

නැණසල නිළධාරීන්

එස් . එච්. ගංගා සුදර්ශනි

එස් . එච්. රෙෂ්ටා ශිරෝමනි

041-2253860

prdamirissa@yahoo.com


අ‍‍ායෙත් වතාවක් අපි ලේ දන් දුන් දා..........

අසන ජිවිතයකට ජිවයක් වීමේ අරමුනෙන් යුතුව 2 වන වරටත් සංවිධානය කල ලේ දන් දීසේ කදවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වුනා. මේ එහි අවස්ථා කිහිපයක්
‍අපේ කටයුත්ත සාර්ථක වුනේ මේ හැමෝම උදව් කළ නිසා.........


මේ අවුරැද්දෙත් අපි ලබා දුන්නා සිහිවනයක්.....



අපිට උදව් කරපු අය.....
සිරි සුනන්දාරාම විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලා,
අපේ සාමාජිකයන්,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය, කොළඹ 07- ගරු සභාපතිතුමිය ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය,
මිරිස්ස හෙළ බොදු පුබුදු තරුණ සංවිධානය,
ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමයට අනුබද්ධිත කාන්තා සමිති වල සාමාජික‍ාවන්,
යශෝධරා වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
අංගිරස වැඩිහිටි සමිතියේ වැඩිහිටියින්,
ශ්‍රි ප්‍රඥාලෝක දහමි පාසලේ ආචාර්ය මඩුල්ල.