අදත් හෙටත් කවදාවත් හෙටක් උදා නොවන
“බාලගිරි අද නොවේ හෙට”
“බාලගිරි අද නොවේ හෙට”
“බාලගිරි අද නොවේ හෙට”අදත් බිළිඳුන් හිඳින නිවෙස්වල ගෙදර උළුවස්සේ මෙලෙස සඳහන් කර තිනෙනු දක්නට හැක. බාලගිරි දෝෂය නමින් බිළිදුන්ට වැළදෙන රෝගයක් පිළිබඳව දුරාතීතයේ පටන් විශ්වාසයක් අප ජන සමාජයේ පවතී. මේ රෝගය වැළදුනු බිළිදුන් සවස් කාලයට ඇඹරෙමින් හඩන බව පැවසේ. මේ බාලගිරිදෝෂය හදුන්වනු ලබන්නේ බාලගිරි නම් යක්ෂයෙකු විසින් බව විශ්වාස කරන පැරණි ගැමි සමාජයේ සමහරු බිළිදකු බිහි වූ පසු බාලගිරි අද නොවේ හෙට යනුවෙන් අඟුරු කැටයකින් උළුවස්සේ ලියා තබන්නට පුරුදු වුහ.
වැඩිහිටියන් විසින් මෙසේ කරනු ලබන්නේ තම බිළිදා ලෙඩ කිරීමට එන යක්ෂයා නොමඟ යැවීමට බව පැහැදිලිය.බිළිදාට වින කිරීමට දිනපතා එන යක්ෂයා මේ දැන්වීම බලා ආපසු යන බවට ඔවුහු විශ්වාස කළහ. මේ අනුව අදත් නාගරික සමාජයේ නවීනතම නිවෙස්වල පවා බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙන් සඳහන්ව තිබෙනු දැකිය හැක.
අපේ රටේ මිනිසුන් යක්ෂයන්,නාගයින් ඇදහුවේ මහින්දාගමනයට පෙරබව කියවෙන මුත් එය පිළිගත නොහැකිය.බාලගිරි නමින් යකෙකු සිටින බවට අදටත් විශ්වාස කරන ඔවුහු මේ යක්සයාගෙන් උපක්‍රමශීලිව මිදිය යුතු බවද පිළිගනිති .
කෙසේ උවද බාලගිරි යක්ෂයා යනු කවුරුන්ද යන්න අපි දැන් විමසා බලමු. මෙයට පුරාන කථාවක් මුල් වි තිබේ. මෙය ඉන්දියානු ජන කථාවකි.පසුව ඉන්දිය සංස්කෘතික බලපෑම මත මෙය අපේ ජන සමාජයටද පිවිස ඇත.
පුරාණ දඹදිව දන්ත පුරයේ සිංහ කුමරු නැමැති රජ කෙනෙක් විය.ඔහුගේ බිරිඳ වුයේ හංසවතී දේවියයි.මේ රජ යුවලට පුත් කුමරෙකු හා දූ කුමරියක වුහ.දු කුමරිය අතිශය රූමත්ය.කෙසේ උවද මේ දියණිය සම්බන්ධයෙන් දෛවඥයන් මහා බලගතු අනාවැකියක් කියා තිබිණි.ඉන් පැවසියේ ඇගේ රෑමත්කම නිසාම ඇගේ සොයුරාවන දළ කුමරැ ඇය සහවාසයට පොළඹවා ගන්නා බවයි.මින් මහත් කම්පාවට පත් රජතුමා සිය දූ කුමරිය එක් ගිරි ෙලෙනක සැඟවු අතර ඇගේ ආරක්ෂාවට දැඬි මුර කාවල්ද යෙදුහ.
කෙමෙන් මේ කුමරිය ගිරි ලෙන තුළම තරැණවියට එළඹුණි.මේවන විට පුත් කුමාරුද හැඬිදැඩි යොවුන් තරුණයෙකි.ඔහුතුළම තම සොහුරියක පිළිබඳව මහත් වු කුතුහළයක් පැවති අතර ඇය දැකිමේ බලවත් උවමනාවක් ඇති විය. ඒ නිසාම සොයුරිය දනින්නට නොදුන්නොත් මිය යන තුරුම ආහාර පාන වලින් වැලකී සිටින බවට මව්පියන්ට එැඟවු ඔහු උපවාසයක් ආරම්භ කළේය.ඉන් තම පුත් කුමරාගේ ජීවිතයට අනතුරක් වේය යන බියෙන් රජතමා ඔහුට සොයුරිය දකින්නට ඉඩ සළසා දුනි.
ඇතැම් විට කුඩාකළ දෛවඥයන් පැවස් අනාවැකිය මේ කුමරාගේ යටිසිත තුළඳ හොල්මන් කරමින් තිබෙන්නට ඇත.සොමුරිය දක්න්නට ගිරි ලෙනට ගිය මොහොතේ ඈ දැක වශී වු ඔහුට සිය හැඟීම් පාලනය කරන්නට නොහැකි විණි.අවසානයේ එු අනුව ඔහු අතින් කුමරිය දුෂණයට ලක් විය.
මේ ඛේදනිය තත්වෙයන් මහතසෙංවේගයට පත් කුමරිය එම ගත් ලෙන තුළම ගෙළ වැළදාගෙන දිවි නසා ගත්තාය.ඇය මිය ගියේ ද්වේශය මුලු කර ගනිමිනි.එනිසාම මරණායන් පසු ඇය නපුරු, දුෂ්ඨ දේවතාවියක වශයෙන් උපත ලද බව පැරණි පොත් පත්හි දැක්වේ.ගිරි ලෙනෙහි විසු බැවින් ඇගේ මරණින් පසු එහි වැසියෝ ඇය ගිරි දේවිය නමින් හදුන්වමින් ඇයට වැදුම් පිදුම් කළහ.
එමෙන්ම ඉන්පසු එම ශෝකවනක් උමතු බවට පත් ඇගේ සොයුරු දළ කුමරු මහා වනාන්තරයක වැද එහිදි මිය පරලොව ගොස් ගරා යකු වශයෙන් උපත ලද බවත්ද කියවේ.
මේ කථා ප්‍රවෘත්තිය අන් තැනක මෙසේද සදහන්ය.
දළ කුමරැ කෙදිනක හෝ තම සොයුරිය හා සහවාසවයි යෙදෙන බවට නිමිත්ත පාඨකයන් කි පුවත අසා මහත් කම්පාවට පත් පිය රජතුමා සහ මව් බිසව කුමරිය ගිරිකුළක සඟවා තැබුහ.දළ කුමරු නියමිත වයසට පැමිණෙත්ම ඔහුට සුදුසු කුමරියක ආවාහ කර දිමට දෙමව්පියන්ට අවශ්‍ය වී කුමරාට කැමති කුමරියක තෝරා ගැනිමට හැකිවනු පිණිස කුමරියන් පන්සියයක් රජ මැදුරට ගෙන්වුහ.මේ අවස්ථාව දැක බලා ගැනීම සදහා එතෙක් ගිරි ලෙනෙහි සඟවා තිබු තුමරියද ගෙන්වන ලදි.එහෙත් තම සරණ පතා පැමිණි සපැමිණි කුමරායන් පන්සිය වෙත අවධානයක් යොමු නොකළ දළ කුමරුවන්ගේ ඔහුගේම සොයුරිය වෙතයි.නමුදු ඔවුනොවුන් සොයුරු සොයුරියන් බව මේ වන විට කුමරිය මෙන්ම කුමරාද නොදැන සිටියහ.කසේ වෙතත් කුමරා තුළ මේ කුමරිය සම්බන්ධවයන් පවතින අදාමාන්‍ය ඇල්ම අනුව මේ රහස සඟවා දෙදෙනා විවාහ කර දීමට දෙමාපියන්ට සිදුවන ලද්දේ එසේ නොකළහොත් කුමරුගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බැවිනි.නමුදු දෙදෙනා විවාහපත්ව කුමරිය දරුවකු පිළිසිඳගත් ෙමාහොතේ ඇයට මේ රහස අනාවරණය විය.ඉන් මහත් කම්පාවට පත් ඇය අසළ ගසක ගෙළ වැළලා ගෙන මිය ගියාය.මෙම ප්‍රකම්පණික සිද්ධි දාමයෙන් සිහි විකල් වූ දළ කුමරුද වන ගත විය.එසේ කාලයක් වනයේ සැරිසරා මිය ගිය කුමරා ගරා යකු ලෙසින් ජන සමුමතයට පිවිසිනි.දැන් එහු අවතාර දොළහකින් යුතුව ගෙනී සිටිමින් සමාජයට වින කරන්නෙකි.ප
පැරණි පොත පතෙහි සදහන් ගරා යකුගේ අවතාර දොළහ ෙමලෙසිනි.
කීල ගරා
සෝලන් ගරා
මෝලන් ගරා
අඳුන් ගරා
සඳුන් ගරා
පට්ටි ගරා
ඔකඳ ගරා
ජල ගරා
පුෂ්ප ගරා
සොහොන් ගරා
වට ගරා
කොට ගරා
කුමරියද මිය යන විටද සිත තුළ පැවති ද්වේශය හෝ අධික සන්තාපය නිසා නපුරු , දුෂ්ඨ දේවතාවියක ලෙසින් උපත ලැබු බැවින් ඇයද ජන සමාජයට වින කරන්නියක වශයෙන් එකළ සමාජයේ පතළ විය.එහෙත් ඇගේ රෑපය නිර්වස්ත්‍ර ආකාරයෙන් නිර්මාණය කර වැව් අතර තබා වැදුම් පිදුම් කිරීමෙන් වැසි වැටී වැව් පිරී යැතැයි යන මිත්‍යා විශ්වාශය රජ රට ප්‍රසද්ශයේ මින් මඳ කලක් දක්වාම පැවතිනි.මෙසේ ජනතාවට වින කිරිම සදහා ගිරි ෙද්විය අවතාර මවා ගන්නා බව පැවසේ.
මඳන ගිරි
හපුමල් ගිරි
මෝලන් ගිරි
භූත ගිරි
නීල ගිරි
අඳුන් ගිරි
සේල ගිරි
සොහොන් ගිරි
බාල ගිරි
මේ එම අවතාරයි.මෙහිදි අප අතර ප්‍රචලිතව පවතින්නේ බාල ගිරි, මදන ගිරි,සහ මෝලන්ගිරිය.මෙයින් ඉතාම පැහැදිලි සදයක් වන්නේ අපේ ජන සමාජයේ අයහපත් සිතුම් පැතුම් වල සංකේතනයක් බවය. කිසියම් තරැණයෙකු හෝ තරුණියක අනුරාගිව හැසිරෙනු දකින විට ඊට ගැමියන් මඳනගිරියා වැහිලද කොහෙද? යනුවෙන් ව්‍යවහාර කරමින් අපි අසා ඇත්තෙමු.එසේම යම් ප්‍රචන්ඩකාරියෙකු පිලිබඳව සඳහන් කිරිමට මෝලන් ගිරියා යනුවෙන් ව්‍යවහාරය කිරීමේ පුරුද්දක්ද අතීත ජන සමාජය තුළ පැවතිණි.එමෙන්ම කුඩා දරැවකුගේ කායික හෝ මානසික අපහසුකාවයක් මත නිතර නිතර අපහසුවෙන් හඬනවා නම් ඊට බාලගිරි දෝෂය යන සංකේතාර්ථය ලබා දිමට ගැමි මෙන්ම නාගරික සමාජෙය් බොහෝ දෙනෙක්ද පෙළඹෙති.
මේ ආකාරයට මිනිස් සමාජයේ පවතින්නා වු යම් යම් චර්යාවන්ම ගිරි දේවියගේ අවතාර මගින් සංකේතනය වන බව මනාව පැහැදිලි වේ.

(පොත පත ඇසුරිනි)
එස්.එච්.ගංගා සුදර්ශනී
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස
3 steps to make money from online sports betting - Work
ReplyDeleteIf you want to take bets on sports, then this is the right strategy. หารายได้เสริม · First, you need to 바카라 사이트 have access to an account and have kadangpintar some experience in