කිරි කඳුළුවැල්........
දෑසට පිරෙන කදුළු කැට
සඟවමින් ලෝකයට
හැඩ බලයි විශ්වයෙම......
හසරැලි රඳවා
දෙකොපුල් මත
ඇසි පිය ගසයි සිය වරක්
නවතන්නට කදුළු ගඟ........
ඇදව යන මුව කමල
මහා ඉකියක්
දැන් නඟයි, දැන් නඟයි,
සිතෙයි මට
නුඹ සිනාසෙයි කදුළු සඟවා
ඉතින්,
නුඹේ ඹය හපන් කම්වලට
සත්තටම මනෙතට උනයි
කදුළු වැල්........
යෙහෙළියන් සොයුරියන්
සියළු දෙන
හිරුටත් හොරෙන් වැඩි
කිරි අම්මාවරැන්ගේ දනට
ඇරයුම් ලබන්නට
වරම් නොලැබු දුකට
නාඩා හිදින්නට බලපන්........
පින්වත් පුත් කුමරෙක්
වඩියි මුළු ලොවට හොරෙන්
අද හෙටම නුඹෙ කුසට......
සැඟවු කඳුළු වැල්
දෙකොපුල් පෙරා
ගැලුයුරු දුටිමි මම
ළය ගස්සමින්
මහා මේඝයක් මෙන්
නුඹව වෙව්ලා ගිය යුරැ
බලා හිදිමි මම
ඉකි බිදිමින් නුඹ හඩයි
දරාගත නොහැකිව
හඩමින් සිනාසෙයි
ඉතින්මම සැනසීමි..........
ශේෂ වන්නට ඉඩ තියන්
ඔය හසරැලි බිදක් හෙටටත්
අවැසි වනු අැත නුඔට
වසර දහ හතරකට පසු
අදහා ගන්නටත්
නොහැකි ලෙස
නුෙඹ් පාළු කුසට
වැඩි පුත් කුමරුන් සමගින්
සිනහ නගන්නට.......
බලා හිදිනු මැන
සාර මසකින් පසුව
කිරි සිනා වැල් රැගෙන
වඩින තුරු කිරි කැටි කුමරු ........
එස්.එච්.ගංගා සුදර්ශනි
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස
මිරිස්සේ ඉතිහාසය හා පිහිටීම :-
මිරිස්ස වූ කලි ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ඉතා විශාල වපසරියකින් යුක්ත ග්‍රාමයකි. ඒ අනුව මිරිස්සේ ඉතිහාසය ඈත අතීතයේ කාවන්තිස්ස-විහාර මහා දේවී පුවතටත් එහා ගිය එකක් බව කිව යුතුය. මෙම ග්‍රාමයට මිරිස්ස යන නම ලැබීම පිළිබඳව ජනප්‍රවාදයක් පවතී.
රුහුණු රට මාගම රාජධානිය කොට ගෙන රජ කල කාවන්තිස්ස රජුගේ අග මෙයහසිය වූ විහාර මහාෙද්වියට දුටුගැමුණු කුමරු ලැබෙන්නට සිටින අවධියේදී මීයක් කෑමට දොළක් ඇතිවිය. මේ බව ඇය රජුට සැළකල අතර රජතුමා තම රාජ සේවකයන් කැඳවා, කෙසේ හෝ මීවදයක් රැගෙන එන්නැයි පිටත් කර හැරියහ. ඔවුහු ඒ සඳහා මීගමුවට ගොස් විශාල මිවදයක් රැගෙන ආපසු එමින් සිටියදී මිරිස්සේ මිරීකන්ද නම් ස්ථානයේදී (වර්තමානයේ පොල්අතු ගඟට මීටර් 300-400 ක් පමණ මාතර දෙසට වන්නට ගාලු පාරට මායාම්ව පිහිටා ඇත.) එම මීවදය ලිස්සා වැටුණු බව කියැෙව්. එම මීය ලිස්සා වැටුණු තැන හෙවත් මීය රිස්ස වූ තැන (මීය+රිස්ස) මිරිස්ස වූයේ යැයි සඳහන් වේ.
කෙසේ වෙතත් රාජකීය පණ්ඩිත මිරිස්සේ ධම්මසිරි නා හිමියන් වහන්සේ ද මේ පිළිබඳව විවරණයක් ලබා දී ඇත. එහි මීය තිබූ ස්ථානය පිළිබඳ අදහසට එකඟ නොවන උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ වෙනත් මතයකි. උන්වහන්සේට අනුව එම මී වදය තිබුණේ මීගමුවේ නොව දැනට මිරිස්‍ස-බණ්ඩරමුල්ල නම් ගමට යාබදව පවතින “ගිරාගල” යන ස්ථානයේ මුණින් අතට වූ විශාල ඔරුවක බවයි. උන්වහන්සේ එය සනාථ කිරීම සඳහා යොදාගන්නේ පාළි මහාවංශයට පෙර පැවති සිංහල මහාවංශ කථාවෙහි මහාවංශ ටීකාවේ සඳහන් විහාර මහාෙද්වියගේ දොළ පසිඳලීම පිළිබඳ විස්තරයයි. එහි සඳහන් වන්නේ ගිරිවෘජය නම් ප්‍රදේශයේ වූ මී ගසකින් රොන් ගෙන යන ඹබරුන් මුහුදේ යටිකුරුව තිබූ ඔරුවක රියන් සියයක් දිග මීවදයක් බැඳ තිබු බවත් උපායශීලීව පිලවෙකුගේ මග පෙන්වීම යටතේ එතනට පැමිණි කාවන්තිස්ස රජතුමා එම මීවදය ලබා ගෙන ගිරාගල් තලාවෙන් මතුයෙහි තබා එහි අග්‍ර කොටස භික්ෂු සංඝයාට පූජාකොට පසුව විහාරමහා දේවියගේ දොළ පසිඳලිම උදෙසා අනුභව කිරීමට ලබාදුන් බවත්ය. තව දුරටත් උන්වහන්සේ පවසන්නේ මෙහි ගිරිවෘජය යන්නෙන් මිරිස්ස ග්‍රාමය හැදින්වෙන බවයි. ඒ සඳහා උන්වහන්සේ ඉදිරිපත්කරන තර්කය වන්නේ ඉසිගිලි, වේහාර, ගිජ්ජකූට, පාණ්ඩව යන පර්වතයන්ගෙන් වටවූ නිසා මගධයේ අගනුවර ගිරිවෘජ නම් උනිනම් ගිරාගල, නැව්ගල, වෙහෙරගල්ල, මිරිහිකන්ද යන කඳුවලින් වටවූ මිරිස්ස ද ගිරිවෘජයක් බවයි. එනිසා මෙම ටීකාවෙහි සඳහන් ගිරිවෘජය මිරිස්ස ලෙස හඳුනාගත යුතු බවයි උන්වහන්සේගේ අදහස වන්නේ.
තවද මිරිස්සේ ඇති “ගරාඬුව” නම් ගෙඟ් පිහිටි සිරිබන්දලෙහි සිරිය බැලූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශ කාව්‍යයේ පහත ආකාරයෙන් සඳහන්වේ.
“නිරිඳුන් සදිසි සිළු මිණිකුල සතපාය
දිවියෙන් ගිජිඳු සරි යසසින් මිණිපාය
සිරිබන් තැන පිහිටි විජයබ නරපාය
සිරිබන්දලෙහි සැතපෙව පිය සතපාය”
මේ සියළු කරුණු වලින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මිරිස්ස ග්‍රාමය ඉතා පැරණි ගමක් බවයි.
සකස් කිරීම- ඒම්.බී.සමන් පුෂ්පකුමාර
සාමාජික අංක 66
මිරිස්ස
මිරිස්සේ සුන්දර පරිසරය
o ගිරාගල
ගිරාගල මිරිස්ස සංචාරකයින්ගේ හිත දිනාගත් තවත් ඒක් සුන්දර ස්ථානයකි. එය Paradise Beach hotel සිට 250m පමණ දුරින් සයුර මැද පිහිටා තිබෙන්නකි. මෙය වර්ග මීටර 125ක් පමණ විශාල වන අතර එහි අවට ශ්‍රී ලංකාවෙදී පමණක් දැකගත හැකි කොරල්පරද දැක ගත හැක. එපමණක් නොව scuba diving වලටද කදිම ස්ථානයකි. එමනිසා සංචාරකයින් මෙහි පැමිණීමට කැමතියි.
කන්දේ පන්සල
කන්දේ පන්සලද නිස්කලංක වූත්, දැකුම් කඏ වූත් ප්‍රදේශයක පිහිටා ඇත. එය විශාල කන්දක් මුදුනේ පිහිටා ඇත. භික්ෂූන් 50ක් පමණ වාසය කරන මෙම පන්සල සාගරයට අසලින් පිහිටා තිබේ. ඒමනිසා ඹබට sea view ඉතා මනරම් ලෙස දැකගත හැක. වාහන හා අනෙකුත් ශබ්දයන්ගෙන් නිස්කලංක වූ ස්ථානයක් බැවින් ඹබට කුරුල්ලන්ගේ හඬ හා නැවුම් සුළඟ මනරම්ව දැනෙනු ඇත. සවස් යාමයේ ඉර බැස යාම the sun set ඉතා කදිමෙට පෙනෙන ස්ථානයක් බැවින් ඒ කාලයන්හිදි සංචාරකයින් පැමිණීමට යුහුසුළු වෙති.
o මිරිස්ස වරාය
මිරිස්ස වරාය මෑතකදී ස්ථාපිත කරනු ලැබූ විශාල වරායකි. වර්තමානයෙ බෝට්ටු 60-70 පමණ ප්‍රමාණයක් දිනකදි නැංගුරම් දැමිය හැක. ඒපමණක් නොව මෙම මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ලෙස ලාභ ලබති. ඹවුන් සිතනා අන්දමට මිරිස්ස යනු මත්ස්‍ය උල්පතකි. දැන් දැන් මත්ස්‍යයින් දකුණු ලක ප්‍රධාන නගර වලට හා වෙනත් නගරවලට මිරිස්ස වරායෙන් ප්‍රවාහනය කරයි. එපමණක් නොව මෙම වරායෙන් සංචාරකයින් සදහා බෝට්ටු සංචාරද සූදානම් කර ඇත. ඒමඟින් ඹවුන්ට අමතර ලාභයක්ද ඉපයිය හැක. හිමිදිරි උදයෙ ඉර උදාවෙනු ඉතා පැහැදිලිව දැක ගත හැක.
සුන්දර ගිරාගල, කන්දෙ පන්සල, මෙන්ම මිරිස්ස වරාය නිසා මිරිස්ස ගම්මානයෙ සුන්දරත්වය, උරුමය වැඩිවේ.එය අප මිරිස්ස සංචාරක ව්‍යාපාරයෙන් ලබාගන්නා ප්‍රධානතම වාසියකි.
සැකසුම-
චම්ලි මාලන් ඉහලනායක
නාලන්දා නැණසල
මිරිස්ස
මගෙ ආදර අම්මා.........
මිහිතලයේ තිබෙන මිනිකැට
මෙන් රුව ඇගෙ
මහපොළව කම්පා වී සැලෙයි
ඇගෙ ගුන මහිමෙ බලෙ
සැමවිටම හොද පමනි නරකක්
නැ වුයෙ
පතමියි දිගාසිරි ඔබ හට
මේ ලොකෙ.
දස මස කුස තියා
මා හැදු මගෙ අම්මෙ
ලේ කිරි කර පෙවු මගෙ
ආදර අම්මෙ
මේ ලොව හොද නරක
පහදා දුන් අම්මෙ
සැමදා ණය ගැතියි
මගෙ ආදර අම්මෙ
අම්මා බඩ ගින්නෙ ඉද
මට රජ බොජුන් කවා
මා හැදුවෙ ඹබ ලේ
කදුළු සලා
මම හොද පුතෙක් කල
මගෙ ආදර අම්මා
මම සැමදා ගැතියි
ඹබ හට මගෙ අම්මා
සුදු සද වගෙයි ඇගෙ
මුව හැම වෙලේ
පුන්සද පරාදයි ඇගෙ
හද මඩල කෙරේ
දිවියේ උතුම් වූ ඇය
මුලු ලොව දන්නේ
පුදුමයි අම්මෙ මබ මතු
බුදු නොවන්නේ
චම්ලි දුලාජ්
සාමාජික අංක 35
නාලන්දා නැණසල
මිරිස්ස
ජපානය යනු තම ශක්තිය සහ අධිශ්ඨානය මත දියුණුවු ලොව ඉදිරියෙන්ම සිටින රටකි. ජපානය දියුණුවුයේ ඔවුන්ගේ කැපවිම සහ ජපන් අන්‍යයතාවය මතය.එනම් ජාතියක් වශයෙන්ද ඔවුන් ජපන්ය,භාෂාවක් වශයෙන්ද ඔවුන් හපන්ය.
ජපානයේ 100‰සම්බන්දීකරන කටයුතු සිදුකරනු ලබන්නේ ජපන් භාෂාවෙනි. ජපන් භාෂාවේ ප්‍රධාන අක්ෂර හෝඩි 2 ක් තිබේ.
• HIRAGANA හෝඩිය • KATHAKANA හෝඩිය
මීට අමතරව ‘ KANJI’ චීන අක්ෂර හෙවත් රෑපාක්ෂර භාවිතාකරනු ලැ
බේ.
හිරගන හෝඩිය
හිරගන හෝඩිය භාවිතාකරනු ලබන්නේ ජපානයට දේශීය වචන ලියා දැක්විම සඳහාය. එනම් ජපානයට ආවේනික වූ සියලුම වචන ලියාදක්වනු ලබන්නේ හිරගන හෝඩියෙනි.
Mr. kanaka (kanaka san)
Shashi (rice)
Hashi (chopstick)
Sake (liquor)
Sashimi (raw fish)
කතකන හෝඩිය
කතකන හෝඩිය භාවිතාකරනු ලබන්නේ ජපානයට විදේශීය ලියා දැක්විම සඳහාය. එනම් ජපානයට ආවේනික නොවන සියලුම වචන ලියාදක්වනු ලබන්නේ කතකන හෝඩියෙනි.
Surrippa (slippers)
torakko (truck )
Kuriketto (cricket)
සැකසුම
සජිත් ප්‍රසන්න
වැලිකෙඩ් ෙගදර
කඹුරුගමුව
සාමාජික අංක 63
සොරබොර වැවට කී කවි
අලබාලේ මල් ඓලියේ තනඤ්ඤයි
සොරබො වැවේ තාවුල පිට ඉඤ්ඤයි
අතක වලලු නද දීලා දුවඤ්ඤයි
කාරිය කියන්නට නිල් මල් පුදඤ්ඤයි
සොරබොර වැවේ එගොඩත් ඉන්නේ වැද්දෝ
සොරබොර වැෙව මෙගොඩත් ඉන්නේ වැද්දෝ
සොරබොර වැවෙ දෙගොඩම ඉන්නේ වැද්‍දදෝ
සොරබේර වැවේ බැස පීනන්නේ වැද්දෝ
පන් කවි
අමා විලේ පන් කපනා ළමාලා
පන් කොළ මිටක් ගෙන අවුවෙ තවාලා
එපන් දවුර සීනතු කොට ඉරාලා
ඉරිදා සමයමට පැදුරක් වියාලා
ඉසට පියුම් ලා කොට්ටේ වියාපන්
පයට පියුම් මල් කොට්ටේ වියාපන්
හන්ස ගිරවු ගෙන දෑලේ වියාපන්
ඉරිදා සමයමට පැදුරක් වියාපන්
ඉරේෂ් ප්‍රමුදිත සඳරුවන්
සාමාජික අංක 60
නාලන්දා නැණසල
මිරිස්ස
නැණසල ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස
ලස්සන සමනල්ළු........
ලස්සන ලස්සන
මල් සමනල්ළු...........
මල් පැණි බීලා රන් සමනල්ළු...........
උන් අපි වා........ ගේ
අහි ංසකයිළු.........
උන් අපි වා........ ගේ
හරි සුරතල්ළු.........
කරත්තයක බැදි ගවයකුවන මා ගතකරන්නේ ඉතාදුක්බර
ජීවිතයකි
හිමිදිරි උදෑසනම පිබිදෙන මම මගේ ගැල්
කරුවන මගේ ස්වාමියාට සේවය කරන්නෙමි
මට අැදිය නොහැකි තරම් බොෙහා් බර
ගැලක පටවාගෙන අදිනවිට මට දැනෙන
ෙව්දනාව කියානිමකල නොහැකිය. මාඉතා
විශාල කදු තරනය කරනවිට මට දැනෙන
වෙහෙස අපමනයි. මට හැකිශක්තියෙන්
උපරිම ලෙස ෙස්වය කලත් මගේ
ස්වාමියා මට කෙවිටෙන් තලන වාර අනන්තය
නිදහසේ සැරිසරන මගේ මිතුරන් දුටුවිට
මගේ සිතටදැනෙන ෙව්දනාව මා
කාටකියන්නද? කිසිදු අහරක් නැතිව බැරි බර
අදිමින් වෙහෙසෙන අප ගැන සිතන්නේ
කවුරුන්ද? තරුණ කාලයේ අපෙන් වැඩ ගෙන
වියපත් වූවිට මස්කඩ මුදලාලිට මා විකුනවියැයි
මගේ සිතේ වරින්වර බියක්ද අැති වෙයි
ෙසව්මිණි භාග්‍යා
සාමාජික අංක 31
නාලන්දා නැණසල
මිරිස්ස
No comments:
Post a Comment