Friday, November 6, 2009

චරිතවත් චරිත..........

අතිපුජ්‍ය පණ්ඩිත මිරිස්සේ ධම්මසිරි අපේ ලොකු හාමුදුරුවෝ


අපේ ලොකු හාමුදුරුවෝ

ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ලොව හැම තැන පහළ නොවෙති. යම් තැනක එවැන්නෙක් පහළ වන්නේ නම් එම කුල පරාමිපරාව බබුලුවයි. අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ පහළ විම ද උක්ත බුදු වදන සනාථ කරන්නකි.

ජන්ම ලාභය

දකුණු ලක මාතරට නුදුරු මිරිස්ස ගම්වරය මුන්වහන්සේගේ ජාත භුමියයි. වර්ෂ 1925 වු දුරුතු මස 28 වන දින ලොව එළිය දුටු මෙම පුණ්‍ය කුමරුවන් ටියුමට් නමින් නම්වර ලැබු බව කියැවෙි.

මුලික අධ්‍යාපනය

සිය උපන් ගමෙහි කීර්තිමත් පාසලක් වන මිරිස්ස මහා විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබුහ. තත්කාලීන අධ්‍යාපන මාවතේ අභියෝගාත්මක ප්‍රවණතාවයන්ට මුහුණ දෙමින් J.S.C. දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු පින්වත් කුමරු කාලෝචිත භාෂාන්තර ඥානයෙන් පරිපෝෂිත විය.


පැවිදි විම

එම පින්බර දිනය උදාවන්නේ වර්ෂ 1941 වු නිකිණි මස 99 වන දාය. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවෙදි විද්‍යාවිශාරද පුජ්‍යපාද මිරිස්සේ ගුණසිරි මහා ස්වාමීන්වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මෙම පුරාකෘත පුණ්‍යවන්ත දරුවා මිරිස්සේ සිරි සුනන්දාරාම විහාරස්ථානයේ දී ආර්යභුමියට ඇතුලත් කරන ලද්දේ -මිරිස්සේ ධමිමසිරි යන අන්වර්ථ නාමයෙනි.

උපසමිපදාව
.
ඉතා ඉක්මනින් ශාසනික සම්ප්‍රදායත් තෙවලා බුදුවදනත් ප්‍රගුණ කළ උන්වහන්සේ වර්ෂ 1948 වු ඇසළ මස 2 දින අධිශීල සංඛාත උපසම්පදා ශීලයට පත්වුහ.

ශාසනික මෙහෙවර

මිරිස්සේ ශ්‍රී ප්‍රඥාලෝක දහමිපාසලේ ප්‍රධානාචාර්ය ධුරය හෝබවමින් උන්වහන්සේ ආරම්භ කළ ධර්ම දානය බෙදා දීමේ පුරණකර්මය, විවිධ සමිති සමාගම් ඔස්සේ ගමතුල විශාල යුග මෙහෙවරක් බවට පත් විය. මිහිදු ළමා සමාජය, මිරිස්සේ තරුණ බෙෘද්ධ සමිතිය, ශ්‍රී ගෝතමි කුළගන සමිතිය, මිහිරිසි ළමා සමාජය වැනි සමිති සමාගම් වල අනුශාසන ධුරය දෙමින් උන්වහන්සේ සාරධර්ම සමාජයක පෙරමුණ ගත්හ.
මිරිස්සේ සිරිසුනන්ද ත්‍රිපිටක විද්‍යාලය උන්වහන්සේගේ ශාසනික සේවාවෙහි ජීවමාන සාධකයයි. 1962 වසරේදී පිරිවණෙහි පිරිවෙිණාධිපති ධුරයට පත් වු උන්වහන්සේ 1985 වසර දක්වා මෙම අධ්‍යාපනික ආයතනය පණගන්වා, පෝෂණය කොට ග්‍රාම තක්ෂාලාවක් බවට පත්කළ සැටි අපුරුය. ඉන් ගුණ නැණ වඩාගත් උගත් වියත් ගිහි‍පැවිදි විශාල පිරිසක් අද දෙස් විදෙස්හි නංවන යශෝරාවය මිරිස්සටම ආඩමිබරයකි.

හෙබ වු තනතුරු

උන්වහන්සේ හෙබ වු තනතුරු කිහිපයක් පහත දැක්වෙි

01. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික උපරිමාණු විජ්ජක
02. විශේෂාධිකාරි මණ්ඩලයේ සාමාජික.
03. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයේ සභික.
04. මාතර නිර්මාංශ ආහාර සමිතියේ අනුශාසක.
05. එක්සත් ශ්‍රී ලංකා සංඝ සභාවෙි සභාපති.
06. ලෝක බෙෘද්ධ ධර්මදුත සේවයේ සමාරම්භක ලේඛණාධිකාරී.
07. වැලිගම තරුණ බෙෘද්ධ සමිතියේ අනුශාසක තනතුර.
08. බටහිර වැලිගම කෝරලයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ උප සභාපති තනතුර.


අධිපතිත්වය

බොහෝ වෙහෙර විහාරවල අධිපතිත්වය දැරුවද අපිස් සතොස් ගුණයෙන් හෙබි අප මා හිමියන් ඒවා‍යේ පාලනය විමධ්‍යගත කොට ස්වකිය ශිෂ්‍යයන් වෙත පවරා ඉතා අප්පේචිජ දිවියක් ගත කළහ. මිරිස්සේ සිරි සුනන්දාරාමයේ නිතර වැඩ විසු උන්වහන්සේ අධිපතිත්වය දැරූ වෙහෙර විහාර නාම මාත්‍රිකව සදහන් කරමු.

01. මිරිස්සේ සිරි සුනන්ද පිරිවෙන් විහාරය.
02. තිස්ස මහාරාමයේ යටාල මැණික් රජමහා විහාරය.
03. රත්මලානේ ගුණසිරි ස්වාමීන්ද්‍ර ධර්මායතනය.
04. දෙවිනුවර කිරලවැල්ල පුර්වාරාමය.
05. මාමඩල ජංසගම සිරි විජයාරාමය.
06. නුගේවල සිරි සුගතාරාමය.

අධ්‍යපනික මෙහෙවර

මිනිසා සම්පුර්ණ වන්නේ කියවිමෙනි යන්න තව දුරටත් සනාථ කරමින් ධර්මය මෙන්ම බැහැර ශාස්ත්‍රීය පොත් පත් රාශියක් කියවා බහුශ්‍රැතයකු ලෙස දැනුමින් සන්නද්ධ වු උන්වහන්සේ රටටම ධර්ම ඥානය බෙ‍දන පෘථුල කාර්යකට අතගැසු හ.
සිය ගුරු දේවයාණන් පවත්වාගෙන ගිය බුදුසරණ පුවත්පතේ ධම්මික මෙහෙය ධම්ම සාකාචිජා තීරය උන්වහන්සේ තුල තිබු ධර්ම ඥානයත්, කුශාග්‍ර බුද්ධියත්, තර්ක ඥානයත් එක්තැන් කළ කැඩපතක් බදු ය.
මේ හැරුණු විට උන්වහන්සේ විසින් ධර්ම විනය හා විවිධ මති මතාන්තර සම්බන්ධයෙන් පැවැත් වු වාද විවාද ඉතා ගුඹුරු බුද්ධිමය නිම්වළලු පුසාරණය කරන ඒවා බවට පත් විය. ඒ අතර විද්‍යා විශාර ද කන්නිමහර සුමංගල හිමියන් සමග කළ අන්තරා බව පිළිබද වාදය විශේෂ තැනක් ගනී. එසේම රහතන් වහන්සේද පිරිහෙන්නේය, සතර පෙර නිමිති, සිදුහත් කුමරැ පියුම් මත වැඩිම, දෙවිදත් තෙර පොළව පලාගෙන යාම, වැනි අභියෝගාත්මක වාද විවාද රාශියක් උන්වහන්සේ දැරූ අදහස් මුළු දේශයේම බුද්ධි ප්‍රභාවයට හේතු විය. උන්වහන්සේ විසින් ආරම්භ කර මිරිස්සේ ධර්ම ශ්‍රී පෙර පාසල සිය සොදුරු ගම කුඩා දරු දැරියන්ගේ දෙනෙත් පාදමින් අද ද විශාල මෙහෙවරක් කරයි.


සමාජ මෙහෙවර

ගම්වලට කිර්තිය ගෙනෙන්නේ බෙෘද්ධ භික්ෂුන් වහන්සේලාය. මිරිස්ස ගමෙි ඉපදි ගමෙි හැදි වැඩි ගමෙි ජනතාව අතර හිදිමෙන් ගම ශෝභාමත් කළ උන්වහන්සේ ගමට මිණිපහනක් වුහ. ගමේ ගෙන් ගෙට යමින් ගම් සුහදතා කමිටු පිහිට වු උන්වහන්සේ ගමේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික තත්වයන් දැනගැනම වස් තත්ත්ව පරීක්ෂණ පැවැත් වුහ. දකුණු පළාත් සභා කොඩිය නිර්මාණය කිරිමේ පුරෝගාමි දායකත්වයක් ද ඉසුලු අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ බුද්ධිමය, තාර්කික හා නිර්මාණාත්මක දැනුම අවබෝධය ඉතා විශිෂ්ඨය.

ගමේ ආර්ථිකය නැංවිම සදහා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන ගිය මැහුම්, ගෙතුම්, පැදුරු, බීරළු රේන්ද, පේෂකර්ම, කොහු වැනි කර්මාන්ත මධ්‍යාස්ථාන එමෙන්ම ණය දෙන සමිති, මුදල් ඉතිරි කිරිමේ සමිති ආරම්භ කරමින් ගමේ මුල්‍ය විනය සදහා අපේ ලොකු හාමුදුරුවෝ ක්‍රියා කළ ආකාරය ඉතා ආදර්ශවත්ය.

තව ද මිරිස්ස දකුණ ගම් වාසින්ගේ නිවාස ප්‍රශ්නය, වලානට ගෙන යාමට තිබු මිරිස්සේ මාතෘ නිවාසය මිරිස්සේ රදවා ගැනිම, මිරිස්ස මහා විද්‍යාලයේ දියුණුවට කටයුතු කිරිම මෙන් ම 1965 වර්ෂයේ ආරම්භ කළ මිරිස්සේ ධමි ශ්‍රී පොදු පුස්තකාලය විවෘත කිරිම ද අපේ ලොකු හාමුදුරුවන්ගේ සමාජ මෙහෙවරෙහි උදාර නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරයි.
ඒස්.ඒච්.ෙරස්ටා ශිෙරා්මනී
නාලන්දා නැණසළ ක්‍රියාකරු
නාලන්දා නැණසල
සිරි සුනන්දාරාමය
මිරිස්ස

No comments:

Post a Comment