Friday, November 6, 2009

අපේ සිද්ධස්ථාන........


වෙ‍හෙරක වරුණ

හැඳින්වීම
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්ස වෙහෙරගල්ල යන ස්ථානයෙහි මෙම සමුද්‍රගිරි පුරාණ විහාරය පිහිටා ඇත.ගාල්ල මාතර ප්‍රධාන මහා මාර්ගයේ මිරිස්ස රෝහල අසලින් හැරි දිවෙන අතුරු මාර්ගයකින් මෙම විහාරයට පැමිණිය හැකිය.ප්‍රජා ගොඩනැඟිලි සහ භික්ෂු නේවාසිකාගාර ඇතුළු සමුද්‍රගිරි විහාරය සමුද්‍රතීරයට ආසන්න පොල් වතුයායක පිළියෙළ වී ඇත.

‍‍ෙඑතිහාසික පසුබිම
සමුද්‍රාසන්නයේ පිහිටි මෙම විහාරයේ මුල් කාලින චෛත්‍යය මුහුදට බිළි වීම නිසා වෙහෙරගල්ල නැමැති නාමය සෑදීඇත. වර්ථමාන සමුද්‍රගිරි විහාරය පිහිටි භූමිය වෙහෙරගල්ල නමින් හදුන්වනු ලබයි.වර්ථමාන විහාරය පිහිටුවීමට ප්‍රථම දහනම වන සියවසේදි පැවැති විහාරයක නටබුන් මෑතකදි සොයා ගෙන ඇත.මෙම විහාරයේ ආරම්භය දහ නම වන සියවස මුල් භා‍ගයේදී ආරම්භ වී ඇත්තේ ප්‍රදේශ වාසි බොදු බැතිමතුන්ගේ භක්තිය නිසාය. මෙහි ආරම්භක භික්ෂුණ් වහන්සේ වශයෙන් තිරාණගම හිමියණ්ගේ පැමිණීම ලෙස දැක්වේ.

අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ පරපුරේ හිමිනමක් වන තිරාණගම හිමියන් තිස්සමහාරාම විහාරය වැඳපුදා ගැනීමට යන අතර මිරිස්සේ උඩුපිල හන්දියේ වූ අම්බලමක නවාතැන් ගෙන ඇත්තාහ.අසල්වාසින් පැමිණ මේ හිමියන්ට ඇප උපස්ථාන කරන ලදී.උන් වහන්සේ ඔවුන්ට බණ දේශනා කර ඇත.එයින් මහත් සේ පැහැදුනු දායක පිරිස විසින් සංඝයා වහන්සේ කෙනෙක් නොමැති වෙහෙරගල්ල විහාරයේ වැඩ සිටින ලෙස ආරාධනා කරන ලදී.එතැන් පටන් වෙහෙරගල්ලේ විහ‍ාරාධිපති වී ගෝලයන් පස් නමක් මහණ කිරීමෙන් සඝ පරපුරක් ආරම්භ කළහ.එවක සිට සඝ පරපුරු හයක් ගෙවී ‍ෙගාස් ඇත.වර්තමාන විහාරාධිපති තාරපේරියේ සරණසිරි හිමියන් සත්වන පරපුරට අයත් වේ.


බිතු සිතුවම්
සමුද්‍රගිරි විහාරය නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ ආභාෂය ලැබ දකුණු පළාතට ආවේනික සංස්කෘතක ලක්ෂණ වලට අනුව බිහිකල බිතුසිතුවමෙන් අලංකෘත විහාරයකි.මෙහි විහාර ගෙය තවමත් පහතරට චිත්‍ර සම්ප්‍රදායට අයත් බිතුසිතුවමින් බොහෝ දුරට අලංකෘතව පවති.දකුණු පලාතට අයත් බොහෝ පන්සල් වල සිදු වී ඇත්තාක් මෙන් විසිවන සියව‍ෙස්දී ඇති වු රොකෝකො චිත්‍ර විධින් නිසා ඇති වූ දුශ්‍යවීම් වලින්
සමුද්‍රගිරි විහාරය බොහෝ දුරට ආරක්ෂා වී ඇත.

කන්ද උඩරට විහාරයන්හි ප්‍රචලිතව පැවති ප්‍රධාන පිළිම වහන්සේ සමග මකර තොරණ යෙදිම පහතරට පිළිම ගෙයි ප්‍රධාන බුදු මැදුරෙහි දොරටුවෙහි දැකිමට පුළුවන.නුවර සිතුවම් පසුබිමට සම්පූර්ණයෙන් වාගේ රත් වර්ණය යෙදීමද එහි නෙළුම් පරසතු වැටකෙයියා සපු ආදි මල් යෙදිමද දකුණේ සිතුවම් පසුබිම රතු වර්ණයට අමතරව කළු හා වෙනත් තද වර්ණ භාවිතයද එහි වැඩි වශයෙන් මල් අතු සහ ඉති යෙදීමද කර ඇත.මනුෂ්‍ය රූපයන්හි ඇදුම් පැළදුම් හිස් පළදනා ආදියෙහිද විශේෂ වෙනස් කම් ඇත. පහතරට චිත්‍ර සම්ප්‍රධාය‍ට ආවේනික වු මෙම ලක්ෂණයන් සමුද්‍රගිරි පුරාණ විහාරයෙහි බිතුසිතුවම් ඇසුරින් මැනවින් ප්‍රකට වේ.


උඩරට ජාතක කථාවන්හි රජතුමා සිතුවමට නඟා ඇත්තේ එම යුගයේ ජීවත් වූ රජවරුන්ගේ ඇදුම් පැළදුම් වන අතර දකුණු පළාතේ රජ රූපය සිතුවම් කර ඇත්තේ ඊට තරමක් වෙනස් අයුරකිනි. එහෙත් බුදුරදුන්ගේ හා දෙවිවරුන්ගේ සිතුවම්හි එකඟතාවයක් දක්නට ලැබේ.පහත රට සිතුවම්හි පෘතුග්‍රිසි හා ලන්දේසි සංස්කෘතික ලක්ෂණයන් පැහැදිලිව දැකිය හැකි අතරම ඝෝර අඝෝර සිව වටුක පුණවටුක ආදි යක්ෂ රූපයන්ද ජ්‍යෝතිෂයට සම්බන්ද නැකැත් රාශි නවග්‍රහ මණ්ඩලද කළුපසුබිමෙහි සැදුවර්ණයෙන් කළ පිච්ච මල් මෝස්තරයන්ද බෙහෙවින් දැකිය හැක.


මෙම මුල් කාලයේ විහාර බිතු සිතුවම් සදහා සාදිලිංගම් රන්හිරියල් මකුල් ගොකටුකිරි දිවුල් ලාටු කැප්පෙටිය ලාටු ආදියත් පසු භාගයේදී වර්ණ කුඩු දුම්මල දොරණ ‍ෙතල් ආදියත් වර්ණ සහ බන්ධනයන් වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබේ. ස්තුවම් කිරිම සදහා යොදා ගත් ද්‍රව්‍යයන් චිත්‍රයන්හි බොහෝ කල් පැවැත්ම සදහා හේතු වන්නට ඇත.

විහාරයෙහි සිතුවම් ලෙස දිව්‍ය විමානද දේවාරාධනාවේ සිට පිරිනිවීම දක්වා බුද්ධ චරිතයද කුරු ධම්ම ජාතකයද දේව ධර්ම ජාතකයද ශාන්තිවාදි ජාතකයද සාම ජාතකයද සස ජාතකයද වේ. මෙම සියළු බිතු සිතුවමි වල් රූපයන්හි රේඛා හසුරුවා ඇති කුසලතාවය වෙනත් විහාර සිතුවම්හි දැකීමට පවා දුර්ලබය.






සිත්තරුන්
මුල් විහාර ‍ෙගයි චිත්‍ර ඇඳි සිත්තරා ගැන කරුණු හෙළි නොවෙතත් පවිත්‍ර වූ සමහර චිත්‍රයන්හි නැවත සායම් ආලේප කිරිම ඟරාඬුවේ සන්දා නැකතිගේ එදෝ සිත්තරා විසින් කළ බවත් පුස්කොළ පොත් පත්වල සඳහන් වේ.ඒ අනුව මෙම විහාරයේ මකර ‍ෙතාරණ සූවිසි විවරණ ඇතුල් මාලය නැවත සිතුවම් කර ඇත.මකර තොරණේ මතුපිට සිතුවම් තට්ටුවේ ලාංඡනයක එක්දහස් අටසිය අනුඑක වසර සටහන් කර ඇති අතර සූවිසි විවරණ පිළිමය යට බොර දමකද ගරාඬුවේ එදෝ යන සිත්තරාගේ නම සටහන් කර තිබේ. මෙහිදී පිටපත් කිරිම සිදු කළ තවත් වැදගත් සිත්තරෙක් ලෙස දෙනිපිටිය වැළිහිඳ ගොඩේ පදිංචි කිරින්ඳේ ගණිතගේ සිරියතේ මහ සිත්තරේද හැඳින්විය හැක.

පුස්කොළ පත්
දහ නමවන සියවසේදී දහම් අටුවා පුස්කොළ පත්වල ලිවිමෙහි සටහන්ද විහාරස්ථානයේ වේ. සම්පුර්ණ ත්‍රිපිටකයම ගණ්ඨාරූඪ කළ පුස්කොළපත් විහාරස්ථානයෙහි ඇති අතර උම්මග්ග ජාතකය ලියු පුස්කොළ පතෙහි පිට දෙපැත්තට යොදන දැවයෙන් සකස්කළ බැමි පතෙහි පිට පැත්තෙහි ලිය වැල් මෝස්තරයක්ද ඇතුල් පැත්තෙහි සස ජාතකයද සිතුවම් කර තිබේ. පුස්කොළ පත බැම්මේ සිතුවම්වල දක්නට ලැබෙන මුලික අංග වන සියුම් රේඛා හැසිරවීම හා කලාත්මකබවත් සාමිප්‍රදායික ලක්ෂණත් බිතු සිතුවමි කර ඇ ති ජාතක කතාවන්හි දක්නට ලැ‍ෙබ් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් එක්දහස් නවසිය පනස් නවයේදි පළකල ශ්‍රි ලංකාවේ පුස්කොළපත් නාමාවලිය නැමැති සඟරාවේ මෙ‍ම පුස්කොළපත්පිළිබඳ විස්තර ඇතුලත් කර ඇත

මී‍‍ට අමතරව වෙහෙරගල්ලවාසී හිමිනමක් විසින් වෙනත් විහාරයක හිමිනමක් සමග ඇතිකරගත් දහමි වාදයක් ගැන විස්තර සඳහන් පුස්කොළ පතක් ද වේ ‍එම හිමියන් විසින් පිළිතුර පතක් යනුවෙන් සටහන් කර ‍එවා ඇති පුස්කොළ ප‍තෙහි නුඹ විසින් වර්ෂ එක්දහස් අටසිය හතලිස් අටක් වු ඔක්තෝමිබර් මස දහහතර දින යනුවෙන් දිනය සඳහන් කර ඇත මෙම වාදය පිළිබඳ සැලකීමේදී ‍එකල විසු හිමිනමගේ ප්‍රඥා සමිපන්න බවද අවබෝධ කරගැනීමට පුඵවන


වර්තමාන විහාරයේ අංග
සමුද්‍රගිරි විහාරයේ දැන‍ට දක්නට ඇති විහාර අංගයන් අතර පරිවාර දාගැබ්
සතරකින් යුක්තව ලක්ෂණ පවුරකින් පිරිකෙව් කරන ලද මළුවකින් ශෝභමාන වු චෛත්‍ය රාජයන්ද ඊට යාබදව දර්ශණීය ප්‍රාකාරයකින් යුක්ත බෝධි රාජය‍ාද ඊට පහලින් ප්‍රතිමා ගෘහයද ‍ෙව්.ප්‍රතිමා ගෘහය බුදු පිළිම වහන්සේලාගෙන්ද අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළි රූ වලින්ද මකර තොරන ආදී නොයෙක් අංගයන්ගෙන්ද බිතු සිතුවමින්ද අලංකෘතය.

මෙයට අමතරව ද්වි භූමික පැරණි පුස්තකාල ගොඩනැඟිල්ලක්ද ධර්ම ශාලාවක්ද උපෝසථාගාරයක්ද මැද මිදුල සහිත දර්ශණීය සංඝාරාමයක්ද ඇත.මේ සිය ගොඩනැගිලි විහාරවය් පෞරාණිකත්වයට සාධකය.පසු කාලින විහාරාධිපතීන් වහන්සේලා විසින් සංවර්ධනය කරන ලදුව විහාරය අද පවත්නා සංවර්ධිත තත්වයට පැමිණ දක්ෂිණ ශ්‍රි ලංකාවේ අග්‍රගණ්‍ය විහාරස්ථානයක් වශයෙන් බබලයි.එමෙන්ම පසු ගිය අවුරැදු දෙසීය තුළ ඇ බෞද්ධ පුනරුදයද පිලිඹිබු වේ.

ශාසනික ඇගයීම
සමුද්‍රගිරි විහාරයේ බිතු සිතුවම්හි අගනා ලක්ෂණ හදුනා ගත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව එක්දහස් නවසිය අසු හයේදී වෙසක් මුද්දර හතරක් නිකුත්කොට ඇත.තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විළඳ මී පිඬු පුජාව සුජාතාවගේ කිරිපිඪු පුජාව වසවර්ති දිව්‍ය විමානය හමා කුරු ධම්ම ජාතකයේ ඇතු දන් දීම යන සිතුවම් වල කලාත්මක හා අර්ථවත් කොටස් හතරකින් මුද්දර වලට සිතුවම් තෝරා ගෙන නිකුත් කර ඇත.
තවද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරා විද්‍යා සියවස් උළෙල නිමිත්තෙන් සමස්ථ ලංකාවෙන්ම මුද්‍රණය කළ වර්ණ චිත්‍ර ‍ෙපාතක් නිර්මාණය කර ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන එන් සී බුලත් සිංහල මහතා මෙම විහාරයේ චිත්‍ර බොහොමයක් පිටපත් කර තිබේ.

මීට අමතරව වෙහෙරගල්ල විහාරයේ බිතුසිතුවම් අතර පහත රට චිත්‍ර සම්ප්‍රධායේ පිළිඹිඹු වන ගුණාංග රැසක් දැකිය හැකි බවට ආචාර්ය රෝලන්ඩ් සිල්ව‍ා මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහාචාර්ය



සැකසුම
ශානිකා ෙද්ශානි
ඒ‍ෙගාඩහවත්ත
වෙහරගල්ල
මිරිස්ස
සාමාජික අංක 62






සීගිරි සිතුවම්






කාශ්‍යප රජු (ක්‍රි.ව.473-491) ආලකමන්දාවක් සදහා අවශ්‍ය සෑම කාර්යයක්ම සීගිරිය තුල නිර්මානය කර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි.

සීගිරිය ලෝ පතළ වුයේ මෙහි පවතින බිතුසිතුවම් නිසාය. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුලට නෙරාගිය නැම්මක මෙම බිතුසිතුවම් නිර්මාණය කර ඇත. මෙම සිතුවම් වලට විෂය වස්තුව වී ඇත්තේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන්ය යන මතයක් ගොඩනැගී ඇත. එක් වකවානුවක සිගිරි පර්වතයේ බටහිර පැත්ත පුරාම විහිදී තිබිණ. සිතුවම ඇදිමට බටහිර පැත්ත තෝරා ගන්නට ඇත්තේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීම සදහා යැයි ද මතයකි. සුලං වැසි ආදියෙන් බටහිර ප්‍රදේශය ආරක්ෂා වි පැවතියේය. සිගිරි ලලනා සිතුවම් ද එහි එක් අංගයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි.

පොළව මට්ටමේ සිට අඩි 600ක් තරම් වූ උස් පර්වතයේ බටහිර පැත්තේ ඇති පටු දෝනාව දිගේ සිතුවම් ඇද ඇත. දැනට ඉතිරි වී ඇති සිතුවම් ප්‍රමාණය 12කි.නමුත් පුරාවිද්‍යා මෑතකාලීන පර්යේෂණ අනුව තවත් විශාල සිතුවම් ප්‍රමාණයක් තිබුණු බවට සොයාගෙන ඇත. කැටපත් පවුරේ ඇති ගී අනුව මෙහි සිතුවම් 500ක් පමණ තිබෙන්නට ඇති බව පිළිගැනේ. එය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසකි. අප්සරාවන් දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු ලක්ෂණයකි. සිගිරි බිතුසිතුවම් වල ලලනාවන්ගේ රූ සපුව පමණක් විදහා දැක්විමට සිමා විම විශේෂ ලක්ෂණයකි.නමුත් ශිලා උද්‍යානයේ ඇති දැරණියගල ලෙන තුළ ඇද ඇති සීගිරි ලලනාවන්ටම සමාන වූ සිතුවම් සම්පුර්ණ ශරීරය ඉස්මතු වන පරිදි ඇද තිබිමද සිගිරි සිතුවම් වල විශේෂත්වයකි. සිගිරි අප්සරාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ලලනාවන් ලෙස ද හැදින්වේ.

බැලූ බැල්මට එන හා සමාන සිතුවම් ලෙස පියවි ඇසට පෙනුනත් සියුම්ව නිරීක්ෂණය කළහොත් චිත්‍ර එකිනෙකට වෙනස්ය. සියුම් රේඛා, පළල රේඛා, ආදියෙන් ඒවා වෙනස් වේ. සෙනරත් පරණවිතාරන මහතාගේ අදහසට අනුව සිගිරි අප්සරාවන්ගෙන් වලාකුළු හා විදුලි කෙටිම් (මේඝලතා හා විජ්ජුලතා) නිරූපනය වේ. ලාංකීය සිතුවම් කලාවේ නිර්මාණශීලීත්වය ඉහලින් පෙන්නුම් කරන මෙහි ආසියානු චිත්‍ර සම්ප්‍රදායට ආවේණික වු සම්භවය චිත්‍ර කලාවේ විශිෂ්ටත්වයේ ලක්ෂණය.

රතු,කහ,දුඹුරු හා පසු කලෙක කොළ වර්ණද සීගිරි සිතුවම් සඳහා භාවිතා කර ඇත. සිතුවම් ඇදීම සඳහා මැටි,වැලිකැට,දහයියා,පිදුරුකෙඳි කැබලි භාවිතා කරමින් සිතුවම් ඇඳෘමට සෙන්ටිමීටර් 1.5ක පමණ බදාම ස්තරයක් සකසාගෙන ඇත. දෙවැනි ස්තරය කිරිමැටි පැහැයෙන් යුත් කෙයොලින් මිශ්‍ර මැටි විශේෂය සමග හුණු,පිදුරු හා කුඩා වැලිකැට යොදාගනිමින් සියුම්ව සකසාගෙන ඇත. සෙන්ටිමිටර්6.6ක් පමණ ඝනකමින් යුක්තව තනි හා ජෝඩු වශයෙන් ලලනාවන් ඇඳ ඇති මෙහි එක් ලියක් රන්වන් පැහැයෙන් ද අනෙක් ලිය නිල් පැහැයෙන් ද සිතුවම් කර ඇත. රන්වන් ලිය කුමරිය ලෙසද අනෙක් ලිය සේවිකාව ලෙසද මතයකි. කුමරිය උඩුකය නිරාවරණය කර ඇති අතර සේවිකාව තනපටයක් හැඳ සිටී.

සෑම ලලනාවකගේම හිස වැසෙන තරමටම ඔවුන්ගේ හිස මතලින් සරසා ඇත. හිසේ ඔටුන්නක් පැලඳ සිටී. මැණික් ඔබ්බවන ලද නළල් පටිය පැහැදිළිව පෙනේ. තිලකය සඳහා විශෙෂ තැනක් දී ඇත. කන් පෙති පහළට එල්ලෙන සේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත.කුණ්ඩලාභරණ ද විශේෂය. යටිකය වසා කච්චි ක්‍රමයට සීගිරි ලලනාවන් ඇඳ ඇති බව මොවුන්ගේ ඇඳුම් පිළිබඳව අධ්‍යනය කළ රාඝවන් මයතා පෙන්වා දී ඇත. ශිලා උද්‍යානයේ ගුහා වලද චිත්‍ර දඅකගත හැකිය. ප්‍රධාන ලුහාවේ චිත්‍ර තරම් ප්‍රකට නැතත් මේවා දසමකාලින සිතුවම්ය. ඉතා සියුම් ලෙස අඳින ලද මල්,සත්ත්ව රූප වලින් සමන්විත වු වියන් රුප ද ලලනා සිතුවම්ද ඇඳ ඇත. අද වන විට මේවා යන්තමින් දැකිය හැකිය.

දැරණියගල ගුහාව

දැරණියගල ගුහාවට මේ නම යොදා ඇත්තේ එහි ඇති සිතුවම් පිළිබඳව පී.ඊ.පී දැරණියගල මහතාපුලුල් විග්‍රහයක් කර ඇති නිසාය. මෙම ගුහාව කාශ්‍යප යුගයට පෙර ආරාමීය අවදියට අයත් සංගාවාසයක් ලෙස පිළිගැනේ. ප්‍රධාන සීගිරි ලලනා සිතුවම් වලට සමානව මුළු ශරීරයම පෙන්නුම් කර මෙහි සිතුවම් ඇඳ ඇත.

මාලක උද්‍යානය

ශිලා උද්‍යානයෙන් ඉහළ කෙටස මෙයට අයත්ය. බැබිලෝනියාවේ එල්ලෙන උයන්වලට සමාන‍ව මෙම කෙටස නිර්මාණය කර ඇති බවට මතයක් ද පවතීමෙහි ඇති වැදගත්ම ස්ථානය වන්නේ කැටපත් පවුර හා සීගිරි සිතුවම් සහිත ස්ථානයයි. මාලක උද්‍යානයේ අවසන් කොටසේ දක්නට ලැබෙන්නේ සිංහපාද කොටසයි.

ශිලා උද්‍යාන

අග්නිදිග ආසියාවේ ඇති උද්‍යාන නිර්මාණ කලාවට වඩිය පැරණිය.සිගිරි සංකීරණයේ පැරනිම කෙටසද මෙය වේ. කාශ්‍යප රාජ්‍ය සමයේ දී අධිපතීන් හා කුලවමියන් විසින් රාජ සභා මණ්ඩප ,ශිලාමය සිංහාසන,සන්ථාගාර ශාලා බවට පත් කළේය. වසර 600 තරම් පැරණි ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබුණු බවට විශ්වා‍ස කෙරේ. ලෙන් 8ක බ්‍රාහ්මීය අක්ෂර ඇත.

පර්වත මුදුනේ රජ මාලිගාව

උතුරු දෙසින් පිටත මාලිගයට පිවිසෙන දෙපසින් ගර්භාගාර පෙත් මග දිගේ දකුණින් පිහිටි මුළුපෙත් වලට හා විසිතුරු පොකුණු වලට පිවිසිය හැක. පර්වතයේ උසම තැන පිහිටියේ ඇතුළු ගැබයි. ගල් මුදුන අක්කර තුනහමාරකි. මල්පෙත්, ගර්භාගාර ශාලා හා මණ්ඩප අතරින් ගඩොල්මය පෙතිකඩ හා ගල් පොකුණු රැසකින් වටවු ශෛලමය සිංහාසනය දැකිය හැක.

සිගිරි කුරුටු ගී

සිගිරියට දිවයිනේ හැම දෙසින්ම නිතර පැමිණි ජනයාට එහි බිතුසිතුවම් හා සිංහයා සහ රාජමාලිගය විනෝද නිකේතනයක් වී ඇත. එහිදී සිතුවම් හා රජ මාලිගය පිළිබඳ අදහස් ඔවුහු කැටපත් පවුරේ සටහන් කර ගියහ. මේවා සීගිරි ගී නමින් හැඳින්වේ. එදා පැවති සම්මත භාශාවේ ලක්ෂණ පෙන්නුම් කරයි. මේ ගී ක්‍රි:ව හත්වන සියවසේ සිට දහතුන්වනි සියවස දක්වා කාල පරිච්ඡෙදය තුළ රචනා කර තිබේ. මේ කුරුටු ගී වලින් 685ක් පමණ කියවු සෙනරත් පරණවිතාන මහතා ඒවාට අරුත් ද සපයා ඇත.

දිෙන්ෂ් දිවන්ත

සාමාජික අංක 65

නාලන්දා නැණසල

මිරිස්ස




බුදු හිමි වැඩි අපේ ශ්‍රිපාදස්ථානය







සෑම වසරකම සීතල උඳුවප් මහෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය බුදුරැස් වැටෙන උණුසුම් වෙසක් සමය දක්වා ම යෙදෙයි. දෙසැම්බර් මාසයෙන් ආරම්භ වන වන්දනා සමය මාස හයක කාලසීමාවක් හෙවත් වසර භාගයකට ආසන්න කාලයක් පවතී. ශ්රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය ද, නිශ්චිත කාලසීමාවකට පමණක් සීමා වූ වන්දනා සමය ද සිරිපා වන්දනා සමයයි.

රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට ශ්‍රී සමන් දේව ප්රතිමාව ශ්‍රී පාද මළුවට වැඩම කරලීම උඳුවප් පොහොය දිනට පෙර දිනයේ දී සිදු කෙරෙයි. විශේෂ සමන් දේව පූජාවෙන් අනතුරැව දේව ප්රතිමාව “ගල්පොත්තාවෙල” රජමහා විහාරයේ සිට රිය පෙරහැරෙන් නල්ලතන්නිය දක්වා වැඩම කරති. ඉන් අනතුරුව සමන් දෙවි පෙරහැර නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරති. ඉන් අනතුරු එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ සිරිපා වන්දාන සමය ඇරඹෙයි.
මුහුදු මට්ටමේ සිට අඩි 7360 ක් උසින් පිහිටි “සමනළ කන්ද” සබරගමුව පළාත මෙන්ම මධ්යම පළාතට මායිම්ව පිහිටා තිබේ. මෙහි මුළු බිම් ප්රමාණය හෙක්ටෙයාර 22338 කි. මෙහි විශාලත්වය දිගින් සැතපුම් 48 ක් වන අතර පළලින් සැතපුම් 48 කි. මෙම භූමි ප්රදේශය කැළණි, කළු, වලවේ ප්රධාන ගංඟා තුනෙහි පෝෂක ප්රදේශයක් වන අතර මෙම ශ්රී පාද අඩවිය 1940 ඔක්තෝබර් 20 වැනි දින අභය භූමියක් බවට පත්කර ඇති අතර මෙහි ශ්රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂන 26 ක් පමණ වාසභවනය කර ගෙන ඇත. සමනළ කන්ද තරණය කිරීමට පිළිගත් මාර්ග තුනක් පවතී. හුදෙක් මෙම මාර්ග වන්දනා කටයුතු සඳහා භාවිතා කෙරේ. ප්රසිද්ධ සහ පහසුම ගමන් මාර්ගය ලෙස සැලකෙන්නේ, හැටන් නල්ලතන්නි මාර්ගයයි. නල්ලතල්ලියේ සිට එම මාර්ගයෙන් ශ්රී පාදය කරුණා කරන්නෙකුට ගෙවා දැමිය යුතු දුර ප්රමාණය සැතපුම් හතරක් පමණ වේ. සිරිපා කරුණා කිරීමට යන තවත් මාර්ගයක් වන්නේ රත්නපුර පළාබද්දල මාර්ගයයි. මෙය තරමක් දුෂ්කර වූ මාර්ගයක් වන අතර එහි දුර ප්රමාණය සැතපුම් හතක් පමණ වේ. තුන්වන් ගමන් මඟ වන්නේ කුරුවිට එරත්ත මාර්ගයයි. මෙය ද හුදෙක් දුෂකර වූ මාර්ගයකි. එය ඔස්සේ සැතපුම් අටකට ආසන්න දුරක් ගමන් කල යුතු වේ.
“සමනළ ගල” හැඳින්වීමේ දී සමනල කන්ද, ශ්රී පාදය, සමන්තකූටය, සුමනගල, ශ්රී පාද කන්ද, සමන් කූල, ශ්රී පතුල යනාදී පර්යාය නාම ව්යවහාර කරති.
රත්නපුරය අති පූජනීය ස්ථාන දෙකකට හිමිකම් කියයි. එක් කරුණක් නම් බුදුරජාණන් වහන්සේ තොවැනිවර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දී සුමන සමන් දිව්ය රාජයාගේ ඉල්ලීම පරිදි බෞද්ධයනට වන්දනා මාන කිරීම සඳහා සමනළ කන්ද මුදුනෙහි ශ්රී පාද ලාංජනය පිහිටු වීමෙන් රත්නපුරය පූජා නගරයෙක් බවට පත් කිරීමය. දෙවැන්න සමනොළ කන්දට අධිපති සමන් දිව්ය රජයා වෙනුවෙන් රත්නපුර මහ සමන් දේවාලය පිහිටිම යි.
ශ්‍රී පාද වන්දනාව නිශ්චිත ජාතියකට, ආගමකට, කුලයකට, ස්ත්රී පුරුෂ පක්ෂයකට හෝ සීමා නෙවෙයි. විවිධ ආගමික විශ්වාසයන් පෙරදැරිව සිරිපා කරුණා කිරීම සිදුවේ.
සිංහල බෞද්ධ බැතිමත්හු තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්රී පාද සලකුණ මෙහි පවතින බව විශ්වාස කරති. එනම් එහි පුරාවෘතය මෙලෙසින් වේ. දේව ගෝත්රික ජනතාගේ ප්රධානියා වූයේ රත්නපුර දිස්ත්රික්කය සම්බන්ධයෙන් වැදගත් චරිතයක් වූ සුමන ප්රාදේශීය පාලකයාය. බුදුරජාණන් වහන්සේ තෙවරක් මුණ ගැසී ධර්මය ශ්රවණය කළ එකම ශ්රී ලාංකිකයා වන්නේ රත්නපුරය පාලනය කළ යහපත් පාලකයකු වූ සුමනය. අප තථාගත බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට පළමුවෙන් ම වැඩම කරනු ලැබුවේ මහියංගනයට ය. උන්වහන්සේ මහියංගනයට වැඩම කල අවස්තාවේදී සුමන නම් වු ජනනායකයා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සිත පැහැදී කේෂ ධාතු මිටක් බුදු සුරතින් ලබාගෙන එය මියුගුණ සෑයෙහි තැම්පත් කර ඇතැයි කියවේ. සුමන නම් වූ මහජන පාලකයා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ දී වැඩම කළ පළමු අවස්ථාවේදී ම බණ අසා සෝවාන් ඵලයට පත්වූ බවද මහා වංශයෙහි සඳහන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්යාණයට වැඩම කළ අවස්ථාවේදීත් මේ ජන නායකයාට දෙවැනි වරටත් බුදුන්වහන්සේගෙන් ධර්මය ශ්රවණය කිරීමේ භාග්ය උදා වී ඇත. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධා භක්තියෙන් යුතුව සුමන නම් වු මේ උතුම් පාලකයා බුදුන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් කළේය. එම ඇයුම වූයේ ඉරහඳ පවතිනා තේකට සැදැහැවතුන්ට පුජා සත්කාර හා වන්දනාමාන කිරීම සඳහා රත්නපුර දිසාවට අයිති සිය වාස භවනය වූ සමනොළ කඳු මුදුනෙහි ශ්රී පාද ලාංජනය පිහිටුවන ලෙසය. මේ උතුම් පාලකයාගේ ඇරයුම පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සමනොළ ගිර හිස උන්වහන්සේගේ වම් ශ්රී පාද පද්මය පිහිටවාලු බව ජනප්රවාදයෙහි හා ලක්දිව වංහ කතාවන්හි සඳහන් වේ.
එම විශ්වාසය මත පිහිටා “ශ්‍රී පාදය” වැඳ නමස්කාර කොට මුළු වසරටම ශාන්තිය ළඟා කර ගැනීම අප පැරණි මුතුන් මිත්තන්ගේ සිරිත විය. අනුපමේය භක්ති ප්රණාමයකින් යුතුව ජීවිතය පරදුවට තබා ශ්‍රී පාදය නමස්කාරය සඳහා යාම එදා ජනයාගේ පිළිවෙත විය.
එමෙන්ම බුදුන් වහන්සේ තෙවෙනි වරටත් සිදු කළ බුද්ධ දේශණාව ශ්රවණය කිරීමට සුමන ජන නායකයාට අවස්ථාව උදා වීය. බුදුන් වහන්සේගෙන් බණ අසා ආර්යභාවයට පත් සුමන සමන් යන අත උත්තම නමින් හැඳින්වූ ජන නායකයා මිය යාමෙන් පසුව දේවත්වයට පත්ව ශ්රී ලාංකීය ජනයාගේ මහත් ගෞරවාදරයටත් වන්දනා මානයටත් පුද සත් කාරයටත් පත් වී ඇත. ඒ අනුව සමන් දේව ප්රතිමාවට මහත් භක්තියෙන් වැඳුම් පිඳුම් කිරීමත් ආරම්භ වී ඇත. එම භක්තිය පෙරදැරිව ශ්‍රී පාදය කරුණා කිරීම ඈත අතීතයේ සිටම අප පෙර සිරිත විය.
එමෙන්ම හින්දු බැතිමතුන් මෙම පාද සලකුණ හඳුන්වනුයේ “ යනුවෙනි. එනම් ශිව දෙවියන්ගේ පාද සලකුණ ලෙසයි. හින්දූන් එම විශ්වාසය හා භක්තිය පෙර දැරි කර ගනිමින් පිරිපාදය තරණය කරති. ශිව දෙවියන්ගේ ශ්රී පාද ලකුණෙහි හිස තබා වැඳ පුදා ගැනීම හින්දු බැතිමතුන් මෙම වන්දනාවට එක් වීමේ ප්රධානතම අරමුණ වේ.
ඉස්ලාම් බැතිමතුන් සිරිපා වන්දනාවට එක් වනුයේ ආදම්ගේ පාද ලාංඡනය වැඳ නමස්කාර කිරීමට ය. තවද, විෂ්ණු බැතිමතුන් එය රාම රජුගේ මළණුවන් වූ “ලක්ෂ්මන්ගේ” පාද සටහන යයි ව්යවහාර කරති. මේ අනුව තම නමින් අදහන ආගමික නායකයන්ගේ පාද සටහන යයි අනුමාන කරමින් වන්දනා මාන කිරීම, භාරහාර වීම බොදු නොබොදු සෑම දෙනාගේම චාරිත්රය වී ඇත.
නෙතට පෙනෙන ස්වභාව සුන්දරත්වයත්, සිතට දැනෙන ආධ්යාත්මික සුවයත් එක ්තැන් වූ නිමල ආස්වාදයක් ගෙන දෙන සිරිපා වන්දනාව ආරම්භ වූ දා සිට මුණි සිරිපා කරුණා කළ රාජ රාජ මහා මාත්යදින් පිළිබඳවත්, එහි වූ සුන්දරත්වය පිලිබඳවත්, ඒ කෙරෙහි දැක් වූ අසීමිත භක්ත්යාදරය පිළිබඳවත් වංශ කතාවන්හි හා දේශාටන වාර්තාවන්හි සඳහන් වී තිබේ.
සමන්තකූඨ පර්වතය පිළිබඳව මුළින්ම සඳහන් වන්නේ පස්වැනි ශතවර්ෂයේ මැද භාගයේ දී බුදුගොස් හිමියන් විසින් ලියන ලද සමන්තපාසාදිකාව නම් විනය පිටක අට්ඨකතාවෙහිත් ධාතුසේන රජු දවස (ක්රි.ව. 459-278) මහානාම හිමියන් විසින් ලියන ලද මහාවංශයෙහිත් ය. සමන්තපාසාදිකාවෙහි සඳහන් වනුයේ “ථීනිකෝපාන බගවතෝ පාදචෙතියානි ලංකාදීපේ එක ජම්මුදීපේ යොනක රටේ දෙවති. කථා බොධිතො අටටාමේ වාසේ කල්යානියං, මනිඅක්ඛිත නාගරාජෙනා නිමන්තිකො භගවා පංචායි භික්ඛු සාතෙහි පරිචුතො ලංකාදිපාගම්මාන කල්යාණිවෙතියථානේ කටේ රතන මණඩපේ නිසින්නෝ ඛත්ථ කිච්චන් කත්වා සම්න්තකූටේ පාදං දාසෙත්වා ආගමාසි” යනුවෙන් සඳහන් වේ.
එමෙන් ම ලෝකයා කෙරෙහි අනුකම්පා ඇති ලෝකනායක වූ තථාගතයන් වහනසේ රතන්හි ධර්ම දේශනා කොට අහසට නැගි සුමනගිරි ශිඛරයෙහි ශ්රී පාද ලාංජනය දක්වා සංඝයා සහිතව ඒ පර්වත පාදයෙහි සුවසේ දිවාවිහරණය කොට සිඝාවැවට වැඩිසේක” යනුවෙන් මහාවංශයෙහි සඳහන් වී තිබේ.
මෙම ග්රන්ථ දෙකෙහිම කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ කාලයෙහි සමනොළ ගිරි මුදුන සිරිපා තබා වැඩි බවය.
එමෙන්ම දුටුගැමුණු රජ දවස ශ්රී පාද අඩවිය රහතන් වහන්සේලාගෙන් පිරී තපෝ භූමියක්ව තිබු බව ඉතිහාසයේ සඳහන් වේ. තවද ශ්රී පාද වන්දනය සඳහා යන බැතිමතුන් හට නවාතැන් සඳහා තැනින් තැන “අම්බලන්” තනා දුන් බවද ඉතිහාසයේ වේ.
පොලොන්නරුව රාජධානිය කරගත් මහා විජයබා රජතුමා (ක්රි.ව. 1056 – 1111) ඇතුළු පිරිස සිරිපා වන්දනා කොට අනාගත වන්දනා කරුවන්ගේ ගමන් පහසුව සඳහා විශ්රාමශාලා කිහිපයක් කරවා මාර්ගය ආසන්න කෙත්වතු සහිත ගම් බිම්ද පරිත්යාග කල බව අඹගමුව ශිලා ලිපියේ සඳහන් වේ. මෙසේ පිදූ ගම්බිම් අතර ඇල් කෙත් වලින් බහුල ගිලීමලයත් කෝලංගමුවේ පුවත් අරඹත්, සොරගොඩ, අඹගමුව, වල්ගම්පොල, උලපන ආදී ශශ්රීක ගම්මානත් වේ.
පොලොන්නරු යුගයේ බලවතා වූ මහ පැරකුම් රජතුමාද (ක්රි.ව. 1113 – 1131) පිරිවරසෙන් සමග සමන් ගිරි තරණයකොට “ශ්රී පාදය” වැඳ පුදා ගත් බව සඳහන් වේ. හෙතෙමේ සුමන සමන් දෙවියන් සඳහා සිරිපා මළුවේ දේවාලයක් ද ඉඳි කරවා තිබේ.
මහත් උත්කර්ෂවත් අන්දමින් සිරිපා කරුණා කළ නිශ්ශංකමල්ල රජු සිරිපා සමිඳුන් වන්දනාමාන කළ ආකාරයත් පුද සත්කාර කළ ගම් බිම් පිළිබඳවත් “භගවා ලෙන” ගල් ගුහාවේ බිත්තිවල අලංකාරාත්මකව සඳහන් කොට තිබේ.
පුරා දින තුනක් මහා පිංකම් පවත්වමින් සිරිපතුල නැමදූ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්රමබාහු රජතුමා (ක්රි.ව. 1234 – 1269) සහ එතුමාගේ දේව ප්රතිරාජ ඇමති ශ්රී පාදස්ථානයේ දියුණුව සඳහා කරන ලද අති විශාල ධන පරිත්යාගයන් පිළිබඳව ලක්දිව පැරණි ග්රන්ථ බොහෝමයක් ඉතාමත් උත්කර්ෂවත් ලෙසින් වර්ණනා කර තිබේ. ඒ නිරිඳු සමන්ගිර තරණය කොට සිරිපතුල නමස්කාර කළ ආකාරය මහාවංහ කතුතෙමේ පවසන්නේ මෙසේය.
“ඉක්බිති ඒ ශ්රේෂ්ඨ රාජ තෙමේ චතුරංග බල සේනා සමගි පර්වතයන්ට සිළුමිණක් බඳු වූ සමන්කූලට ගොස් එහි දේවාතිදේව ධර්ම රාජයන්වූ ශාස්තෘන් වහන්සේගේ දෙවියන් ආදීන් විසින් වැඳිය යුතු වූ සිරිපා ලකුණ වැඳ පර්වත රාජයා අවට දස ගව්පමණ තැන් තැන් රුවණින් යුතු වූ මනහර යෞවනියන්ගෙන් ගහන දනව්ව භක්තියෙන් ශ්රී පාදයට පුදා නැවත එය රුවන් අබරණින් ද පිදුවේය.”

දෙවන පණ්ඩිත පරාක්රමබාහු රජතුමාගෙන් අනතුරුව iv වන විජයබාහු (ක්රි.ව. 1268 – 1270) සිය ඇමති මඩුල්ල සමග සිරිපා කරුනා කළ බව සඳහන් වේ. ඉන් අනතුරුව රට තුළ පැවති දේශපාලන අස්ථාවරත්වයත්, ව්යාකූලත්වයත් හේතු කොට ගෙන ශ්රී පාදස්ථානයට හා ශ්රී පාද වන්දනාවට අනුග්රහයක් නොලැබුණු අතර දීර්ඝ නිහැඩියාවකට පසු සිරිපා වන්දනාවක යෙදෙන නරපතියා වනනේ සෙංකඩගලපුර රජ වූ ශ්රී වීර පරාක්රම රජතුමාය. ඔහු සිරිපා මළුවේ වටින් පහළොස් රියන් සහ උසින් පස් රියන් වු පහනක තෙල් කල සියයක් වගුරුවා මහත් වූ ආලෝක පුජාවක් කළ බව සඳහන් වේ. තවද එම සිද්ධස්ථානයට යන එන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දුර්ග මාර්ගයෙහි ගල්පඩි හත්සිය අසූවක් කරවීමට උපදෙස් දී එහි නිමාව දැක අතිශයින් සොම්නසට පත්වූ බව ද සඳහන් වේ.
නමුත් සීතාවක පළවෙනි රාජසිංහ රජු ශිව ආගම වැළඳ ගැනීමත් සමග ශ්රී පාද ස්ථානයේ භාරකාරත්වය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ග්රහණයෙන් අවාසනාවන්ත ලෙස ගිලිහී ගොස් එය හින්දු පූජක පිරිසක් වූ ආඩින්ට හිමි විය. මෙම ඓතිහාසික පුවත මහා වංශකරු ඉතාමත් සංවේගයකින් යුතුව සඳහන් කර තිබේ.
අනතුරුව රජ පැමිණි දෙවන විමලධර්මසූරිය රජතුමා ශ්රී පාදස්ථානයට ගොස් රන් මුතු මැණික් වලින් සහ අගනා වස්ත්ර වලින් ශ්රී පාදය පුදා සත් දිනක් තිස්සේ එහිම රැදී සිටිමින් මහා පිංකම් පවත්වා ඇත. ඉන්පසු රජ පැමිණි ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජතුමා, ශ්රී විජයරාජසිංහ රජතුමාද ශ්රී පාදය වන්දනා කර තිබේ.
අනතුරුව රජ පැමිණි කීර්ති ශ්රී රාජසිංහ රජතුමා (ක්රි.ව. 1747 – 1782) යළිත් මිථයාදෘෂ්ටිකයින් පලවා හැර ශ්රී පාදස්ථානය නැවතත් එහි භාරකාරත්වය භික්ෂූන් වහන්සේලා සතු කලේය.
ඈත අතීතයේ සිටම වන්දනා කරුවෝ හා දේශ සංචාරකයෝ සිරිපාද කන්දෙහි මහිමය ගැන අසා එහි පැමිණියෝය. එමෙන්ම සිය ගමන විස්තරයද ලියා තැබූහ. අරාබි නිසොල්ලාසයෙහි සඳහන් වන සින්බෑඩු නමැති නායකයා තම හත්වන ගමනේ දී ලක්දිවට පැමිණි සවිට සිරිපා කදු වැටිය ගැන විස්තරයක් ලියා තිබේ. දින තුනක් තුළ දුර සිට දැක ඇති මෙම කන්ද අවට ඉතා වටිනා මැණික් ගල්ද, සුවඳ ගස්ද ඇති බවත් එහි ගංගා තුළ දියමන්තිද, මිටියාවත්වල මුතු ද ඇති වත් ඔහු පවසා ඇත.
තවත් අරාබි සංචාරකයෙකු හා වන්දනා කරුවකු වන ඉබන් බතුනා වසර 1350 දී පමණ සිරිපා හමුවට පැමිණි විට එතැන මහ වන්දනා ස්ථානයක් බවට විශේෂයෙන්ම මහමත්වරුනට පෙරලී තිබිණු බවත්, ඔවුන් ඉතා දුර බැහැර සිට සිරිපා වැදුමට පැමිණි බවත් ඔහුගේ වාර්තාවන්හි සඳහන් වී තිබේ.
රොබට් නොක්ස් සඳහන් කරන ආකාරයට ලක්දිව ජනයා මෙම කන්ද නැග සිරිපා ලකුණ වැදුම ඉතා කුසල් සහිත ක්රියාවක් ලෙස සැලකූ බවත්, විශේෂයෙන්ම අලුත් අවරුදු සමයෙහි පැරණි සිංහලයා සිරිපා වැදුමට ස්ත්රීන් හා ළමුන් පවා රැගෙන කදු නැගී බවත් “නොක්ස්” සඳහන් කර තිබේ.
සෑම කටයුත්තකටම මුල පිරීමට පෙරාතුව මුනි පාද ලාංජන පහස ලැබීමට පැරැන්නෝ අමතක නොකළහ. සිරිපා වන්දනාව ගැමියන් අතර මහත් ගෞරවයට හා භකිතියට පාත්ර වූවකි. ඔවුන් බොහෝ විට මෙම වන්දනා ගමන හැඳින්වුයේ “සිරිපා කරුණා” කරනවා යනුවෙනි.
ශ්රී පාදය කරුණා කිරීම සඳහා නඩයක් වශයෙන් රංචු ගැසී යෑම සිදුකරයි. එමෙන්ම තනි පුද්ගලයකු වශයෙන් ශ්රී පාදය කරුණා කිරීම සිරිත නොවේ. මෙහි දී ගමේ නැතහොත් වරිගයේ හෝ පවුලේ වැඩිහිටි අත්දැකීම් බහුල අයෙකු නඩේ නායකයා ලෙස තෝරා ගැනේ. ඔහු නඩේ ගුරා ලෙස හැඳින්වේ. නඩේ භාරකරුවා වූ හෙතෙමගේ වගකීම වන්නේ තම නඩය සිරිපා කරුණා කොට නිරුපද්රිතව තම ගම් බිම් බලා කැටුව ඒමයි. කිසිවෙකු එකල නඩේ ගුරාට පිටිනි කිසිවක් සිදු කළේ නැත. නිතරම ඔහුගේ අවවාදය වන්නේ මෙම ශ්රී පාද අඩවිය සමන් දෙවියන්ගේ බැවින් නොගැළපෙන වචන පවසා කට වරද්ද ගන්න එපා යනුවෙනි. ඕනෑම යහපත් ක්රියාවකට මුල පිරීමට පෙර තම අදහන ආගමට අනුව හෝ ඒ ඒ ශුද්ධ වස්තූන්ගේ නැතහොත් දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණය අයැද සිටීම අප ජන සමාජයේ ලක්ෂණයක් වේ. එමෙන්ම සමන් දෙවි අඩවියේ දී යම්ක්සි කාර්යයකට මුල පුරනුයේ සමන් දෙවියන්ගේ ආර්කෂාව ඉල්ලමින් “සමන් දෙවියන්ගේ පිහිටෙන්” යැයි පවසමිනි.
එමෙන්ම ශ්රී පාදය කරුණා කරන විට එයටම ආවේණික වූ සිරිත් විරිත් හා ආචර ධර්ම පද්ධතියක් මෙන්ම සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ විශේස වචන මාලාවක් ද පවතී. සුරාවෙන් සූදුවෙන් අයුතු හැසිරීමෙන් වැලකිය යුතු වන්නේය. හුදෙක් සිත, කය, වචනය සංවර කර ගත යුතුය. ශ්රී පාදය කරුණා කිරීමට මුලපුරනුයේ නල්ලතන්නියේ දී දෙහි කැබැල්ලක් ගා සීත ගගුලෙන් දිය නෑමෙන්ය. මෙය “පේවීම” යනුවෙන් හැඳින්වේ. අනතුරුව පිරුවට ඇඳ බුදුන් වැද දේවාශිර්වාදය ලබා මළුව කරුණා කිරීම අරඹයි. ඒ පිළිබඳව අවවාද, විධි විධාන දෙනු ලබන්නේ නඩේ ගුරා විසිනි.
ජීවිතයේ පළමු වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කොඩුකාරයා” නමිනුත්, ප්රථම වතාවට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා “දඩුකෝඩු” නමිනුත්, කුඩා දරුවකු හෝ දැරියක “කිරිකොඩු” නමිනුත් හැඳින්වේ. කෝඩුකාරයාගේ කිරිකෝඩු නිමා කරලීම සඳහාද පිළිවෙත් අනුගමනය කරනු ලැබේ. එනම් ඔහු ඉඳිකටුපානේ සිට ඉඳිකටුවකට නූල් බෝලයක් අමුනා එය අවසන් වන තෙක් සමනළ කඳු මුදුනට රැගෙන යා යුතු වෙයි.
මේ හා බැඳි ඉතිහාස කතාව වන්නේ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමන්ථකූඨය මත සිරිපා පතුල පිහිටවාලීමට වැඩම කළ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ඉරුණු සිවුරු පටපිලී ගෙත්තම්පාණේදී මසා පිළිසකර කරගත් බව ජනප්රවාදයෙහි සඳහන් වේ. අදට වඩා අති දුෂ්කර ගමන් මගක් ගෙවා සිරිපා කරුණා කළ එවක බෞද්ධ බැතිමතුන් වන දුර්ග, ගිරි දුර්ග හරහා පැමිණෙද්දී ඉරී ගිය රෙදි අණ්ඩ දමා පිළිසකර කොට ගත්තේ ඉඳිකටුපාණ හෙවත් ගෙත්තම්පාණේදීය. මෙසේ මසා ඉතිරිවන නූල් සහ ඉඳිකටු තවත් නඩයක ප්රයෝජනය සඳහා ගෙත්තම්පාණේ ගස්වල දවටා යෑම සිරිත වේ. මෙය “ගෙත්තම් කිරීම” යනුවෙන් ව්යවහාර කෙරේ. එමෙන්ම සිරිපා සමය අවසන් වෙද්දී ගෙත්තම්පාණ නූල් විලින් ගෙත්තම්වුණු දැලක අසිරිය ගනු ලබයි.
ගෙත්තම්පාණෙන් පසුව හමුවන වැදගත් ස්ථානය ව්නනේ “රට බලන ගල” යි. සිංහල රජ සමයේ දී සතුරු ආක්රමණ දුර තියා හඳුනා ගත හැකිවන පරිදි ප්රධාන කඩවත් හතරක් බැල්මගලට දිස්වෙයි. මෙහි සුළං කපොල්ලක්ද පිහිටි තිබීම විශේෂත්වයකි.
අනතුරුව දිස්වන්නේ “හැරමිටිපාණය”. හැරමිටිපාණ කෝඩුකාර වන්දනාකරුවන්ට වැදගත් වන ස්ථානයකි. මෙහිදී කෝඩුකාරයන් විසින් හැරමියාණෙන් එන යන වැඩිහිටි වන්දනාකරුවන්ට කැළයෙන් සැරයටියක් කපා පූජා කළ යුතුය. තමන්ගේ නිරෝගී ශක්තිය ප්රාර්ථනා කිරීමත් ජීවිතයේ අනිත්ය බව මෙනෙහි කර ගැනීමත් මෙහි අරමුණ වේ. සැරයටිය පිළිගැනෟවීමට වන්දනාකරුවකු හමුනොවුන හොත් කපාගත් සැරයටිය හැරමිටිපාණේ කාටත් පෙනෙන සේ තබා යෑම සිරිත වේ. අතපය වාරු නැති අයෙකුට එම සැරයටිය අත්වාරුවක් වනු නොඅනුමානය.
අනතුරුව ඇහැළ කණුවත්, සුළං කපොල්ලත් පසුකොට මහගිරිදඹ නැග උඩ මළුවට ළගා විය හැකි ය. ඇහැළ කණුව යනු සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්රථම සමන් දෙවිඳුන්ගේ නිළ වාහනය වන සුදු හස්තියා සිරිපා පියුම වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානය යි. සුදු ඇත් රාජයාට මහගිරිදඹ නැග උඩමළුවට පිවිසිය නොහැකි බැවින් මහගිරිදඹ පාමුල වූ “ඇහැළ කණුව” නම් ගල් කණුව අසද හිඳ පද්ම වහන්සේට නමස්කාර කර අනතුරුව ඇත් රාජයා වනගත වේ.
සිරිපා වන්දනායේ වටිනාම අවස්ථාව උදාවන්නේ අඩමළුවේ දීය. මෙහි දී සිරිපා පද්මයට මල් පූජා කොට වන්දනා මාන කිරීම සිදුවේ. අනතුරුව තම වන්දනා නඩයේත්, තම ඥාති හිතමිත්රාදීන්ගේ ජීවිත ඒකාලෝක වේවායි පතමින් දොළොස්මහේ පහනට පොල් තෙල්, තැඹිලි තෙල් වත් කිරීම සිදු කරනු ලැබේ. අනතුරුව සමන් දෙවියන් වහන්සේට පුද පූජා පැවැත්වීම සිදුවේ. මේ සඳහා පූජා වට්ටි යොදා ගැනීම සිරිත වේ. එමෙන්ම සිරිපා මළුවේ පවත්වන පූජාවන් අතර “දෝතලු සහ එන් දෝතලු පූජාව” කැපී පෙනෙයි. ශ්රී පාදස්ථානයට එන් දෝතලු මලක් පූජා කොට කන්නලව් කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව ජනප්රවාදයෙහි සඳහන් වේ.
අනෙකුත් වන්දනා ගමන් වලට වඩා මෙහි පවතින විශේෂත්වය වන්නේ සමන්කූට පර්වතය තරණය කිරීමේ දී එහි විවිධ ස්ථාන හැඳින්වීම සඳහා එයටම ආවේණික වූ නම් පවතී. ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹ, අහස්ගව්ව, ආදී නම් ව්යවහාර කරනු ලැබේ. මෙම කලාපයේ පවතින භූ විෂමතාවන්හි ස්වභාවය අනුව මෙම විවිධ නාම භාවිතා කරති. මෙම සමන් ගිර තරනය කිරීම ඉතාමත් වෙහෙසකර මෙන්ම ඉතාමත් අසීරු වූ ගමනක් වුවද මෙම දුස්කර මාවත පසුකොට මළුවට ප්රවිෂ්ඨ වීම සෑම බැතිමතෙකුගේම අභිලාෂය වන්නේය. මෙම සිරිපා කන්ද තරණය “හිමේ නගිනවා” යනුවෙන් ව්යවහාර කෙරේ. මෙහදී ගමනේ විඩාව, අධික ශිත දේශගුණය, විවිධ දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් අප පැරැන්නෝ භාවිතා කළෝය. අද ඒවා සිරිපා වන්දනා කරුවන්ටම ආවේණික වූ සිරිත් විරිත් බවට පත්වී තිබේ. එනම් දෙවියන්ගෙන් හා බුදුන්ගෙන් ආශිර්වාද ලැබීමටත්, විඩාව දුරු කරවා ගැනීමටත් වන්දනා කරුවෝ තුන්සරණේ කියති. ඊට අමතරව නඩේ කවිද කියති. සිරිපා කරුණා කරන්නට යන පිරිස කරුණා කර පැමිණෙන පිරිසට බුදුසරණ පතති. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්තාවන්හිදී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමානය.
“නැගලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි.”
සිරිපා කරුණා කර පැමිණෙන පිරිස සිරිපා කරුණා කරන්නට යන පිරිස සඳහා දේවාශිර්වාදය පතති.
“නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි.”
එමෙන්ම සිරිපා කරුණා කිරීමට යන විටදී එයටම ආවේණික වූ රස කැවිල්ලක්ද රැගෙන ඒම සිරිතකි. එනම් අග්ගලාය. තෙල් වලින් තොර වූ රස කැවිල්ලක් වන මෙය සීතල දේශගුණය හේතුවෙන් ගල් වෙයි. එවිට එය දීර්ෂ වේලාවක් අනුභව කිරීමට අවස්ථාව සැලසෙයි. අග්ගලා නිසාම විවිධ තාල පදද බිහි වී තිබේ. අග්ගල කන්ඩ ඕන පුතා, හෙලේ නගින්න ඕන පුතා යන වදන් ජනශ්රැතිය අභාශයෙන්
“අග්ගලකංඩෝං පුතා
හෙලේනගිංඩෝං පුතා” යනුවෙන් ව්යවහාරයේ යෙදෙයි.
මීට අමතරව සූකිරි කෑමද සිරිත වේ. සුකිරි කෑමෙන් අපේක්ෂා කරනුයේ විඩාව නිවා ගැනීමයි. බොහෝ විට සිරිපා කරුණා කිරීම ආරම්භ වනුයේ රාත්රී කාලයේ දී පන්දම් අතින් ගෙන කණාමැදිරියන් පෙළක් ලෙසිනි. හුදෙක් දහවල් කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හා පසුදා උදෑසන මළුවේ සිට ඉර සේවය බැලීමේ අනගි අවස්ථාව උදා කර ගැනීම සඳහාය. එමෙන්ම කොපමණ පිරිසක් සිරිපා වන්දනාවට පැමිණියද සිරිපා මළුවේ ඉඩකඩ සීමා නොවන බවට මතයක් පවතී. මළුවට පැමිණෙන බැතිමත්හු පඩුරු පූජා කිරීමෙන් ශ්රී පතුල සිපාචාර කරති. ශ්රී පතුල සිප ගැනීමෙන් ගමන් විඩාව සැනකින් තුරන් වන බව වන්දනා කරුවෝ පවසති. එමෙන්ම මළුවේ පිහිටි ඝණ්ඨාරය නාද කිරීමේ දී ද පිළිවෙතක් පවතී. කිරිකෝඩු තැනැත්තා ඝණ්ඨාරය නාද කිරීමෙන් වැළකී සිටියි. සෙසු අය තමන් පැමිණි වාර ගණයට සමාන අයුරින් ඝණ්ඨාරය නාද කරති. කිරිකෝඩු පුද්ගලයා දෙවන වර පැමිනෙන්නේ නම් එම අවස්ථාවේ දී පළමුවර සිහිපත් කිරීම සඳහාත්, දෙවනවර සිහිපත් කිරීම සඳහාත්, ඝණ්ඨාරය දෙවරක් නාද කරයි. හිමිදිරි පාන්දර සූර්යයා පෙරදිගින් උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වනුයේ “ඉර සේවය” යන නමිනි. ඉර සේවය බැලීමෙන් පසු නැවත කරුණා කිරීම සිරිතකි.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේසිට වර්ථමානය දක්වා ශ්‍රී පාදයේ නායක පදවියට පත් වූ නාහිමිවරුන්
01.මඩලම්මන තෙරුන් වහන්සේ(වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු කල සිට)
02.වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
03.වේහැල්ලේ ධම්මදින්න මාහාමි-1753-1775
04.කඹුරුපිටියේ සගිධර ගුණරතන නාහිමි-1775-1780
05.මාලිම්බඩ ධම්මධාර නාහිමි-1780-1786
06.කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
07.මොරතොට ධම්මක්ඛන්ධ නාහිමි
08.කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස නාහිමි
09.දෙවැනි වැලිවිට සරණංකර නාහිමි
10.ගම්මුල්ලේ සුමන නාහිමි
11.ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි-1826-1836
12.ඉදුරුවේ සුමංගල මේධංකර නාහිමි
13.ගලගම අත්ථදස්සී නාහිමි-1836-1860
14.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි-1860-1867
15.පරගල සෝභිත නාහිමි-1867-1911
16.රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි-1911-1913
17.මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි-1913
18.බටුගෙදර යසස්සී නාහිමි
19.හදපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි-(වර්ථමාන)









ශ්‍රී පතුල...........
බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. පුරාණ තුන් සරණය කවි පොතෙහි එය මෙසේ දැක්වෙයි.
දෙසියක් සොළසකි සිරි පා ලකුණේ
රසයක් වෙන ඇසුවොත් ගුණ වරුණේ
වසයක් පද පව් සත හට අගුණේ
දසයක් ගුණ වද බණ තුන් සරණේ


සිංහල අට්ඨකතාවේද සිරි පා මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැ වේ.

.


1) ස්වස්තිකය
2) ශ්වේතොත්ඵල
3) රක්තොත්පල
4) ශ්වේතපද්ම
5)රක්ත පද්ම
6)පුර්ණ පාත්‍ර
7)පුර්ණ ගටය
8)නීලෝඵල
9)නදවට
10)පුන්කලස
11)වල්විදුනා
12)සොවැති
13)සිරිවස
14)පිල්කලජ
15)අවතංස
16)නළල්පට
17)හිමාලවනය
18)මගුල් තොරණ
19)මිණි තොරණ
20)මගුල් කඩුව
21) ප්‍රාසාදය
22) කෙලාස කූටය
23) ශ්‍රවේතඡත්‍ර
24) සේ‍සත
25) ස්වර්ණ වාල විජිනි
26) තරාදිය
27) භද්‍රපිඨ
28) චාමර
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
33) කිරි මුහුද
34) යුගන්ධර පර්වතය
35) සප්ත මහා සීදන්ත සාගරය-1
36) ඊශ්වර පර්වතය
37) සප්ත මහා සීදන්ත සාගරය-2
38) කුරවික පර්වතය
39) සප්ත මහා සීදන්ත සාගරය-3,
40) සුදර්ශන පර්වතය
41) සප්ත මහාසීදන්ත සාගරය-4
42) නෙමින්දර පර්වතය
43) සප්ත මහා සීදන්ත සාගරය-5
44) විනතක පර්වතය
45) සප්ත මහා සීදන්ත සාගරය-6
46) අශ්ව කර්ණ පර්වතය
47) සප්ත මහා සීදන්ත සාගරය
48) සුර්ය මණ්ඩලය
49) චන්ද්‍ර මණ්ඩලය
50) සුංසුමාර රාජයා
51) ධජ
52) ස්වර්ණ මත්ස්‍ය යුගල
53) පතාක
54)වඩමං
55) චක්‍රා යුධය
56) දක්ෂිණ වෘත ස්වේත සංඛ්‍ය
57) සපිරි වාර සප්ත රත්නයන්
58) ,59),60),61),62),63),64),65) චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66) කිම් පුර්ෂයා
67) කින්නරාංගනාව
68) චක්‍රවර්ති රාජයෝ
69) ස්වර්ණ හංස රාජයෝ
70) කුරවික රාජයා
71) ගරුඪ රාජයා
72) මයුර රාජයා
73) වාසුඛී නාග රාජයා
74) ස්වර්ණ මඛර රාජයා
75) සිංහ රාජයා
76) වෘෂභ රාජයා
77) ව්‍යාඝ්‍ර රාජයා
78) වලාහක අශ්ව රාජයා
79) ඓරාවන නම් හස්ති රාජයා
80) අනවතප්ත විල
81) ජද්දන්ත විල
82) කර්ණ මුණඩ විල
83) රථාකාර විල
84) සිංහ ප්‍රතාප විල
85) මන්දාකිණි විල
86) කුණාල විල
87) චාතුර් මහා රාජික දෙව්ලොව
88) තව්තිසා දෙව්ලොව
89) යාම දෙව්ලොව
90) තුසිත දෙව්ලොව
91) නිර්මානරති දෙව්ලොව
92) පරනිර්මිත වසවර්ති දෙව්ලොව
93) රූපාවචර බ්‍රහ්මෂද්‍ය නම් බඹලොව
94) බ්‍රහ්ම පුරෝහිත නම් බඹලොව
95) මහා බ්‍රහ්ම නම් බඹලොව
96) පරිත්තාභ නම් බඹලොව
97) අප්‍රමාණාභ නම් බඹලොව
98) ආභස්වර නම් බඹලොව
99) පරිත්ත ශුභ නම් බඹ ලොව
100) අප්‍රමාණ ශුභ නම් බඹලොව
101) ශුහකීනි නම් බඹලොව
102) වෙහප්පල නම් බඹලොව
103) අසඤ්ඤ සත්ත බඹලොව
104) අවිහ නම් බඹලොව
105) අතප්ප නම් බඹලොව
106) සුදස්ස නම් බඹලොව
107) සුදස්සී නම් බඹලොව
108) අකනිෂ්ඨක නම් බඹලොව''

මේ ආදී වශයෙන් සිරිපතුලේ ලක්ෂණ දෙක බැගින් ලක්ෂණ 108ක් වේ.

ලියවු ග්‍රන්ථ හා සෙල්ලිපි
1. පුරාණ හිමගත වර්ණනාව ගෙවත් ශ්‍රී පාද වන්දනාව 2. පුරාණ හිමගත හෑල්ල 3. බුදුමූල උපත සහ බුදුගුණ ශාන්තිය හෙවත් වරඟනහෑල්ල 4. සමනල හෑල්ල 5. මක්කම හෑල්ල 6. සමනල වැඳීම 7. සමනල විස්තරය 8. ශ්‍රීපාද ගමන 9. සමන්ත කූඨ වර්ණනා 10. සමන් දෙවි වරුණ 11. තුන්සරණය
මීට අමතරව කැටකිරිලි සන්දේශය, ගිරා සන්දේශය, හංස සන්දේශය සහ සැළලිහිණි සන්දේශය යන සන්දේශවලද රාජාවලිය වැනි ගද්‍ය ග්‍රන්ථවලද ගැන සඳහන් වෙයි.
සෙල්ලිපි
1. අඹගමුව – මහා විජයබාහු 1096
2. හැටදාගේ ලිපිය – නිශ්ශංකමල්ල ක්‍රි.ව 1198


සිරිපා වැඳගත් රජවරු
ශ්‍රීපාද ස්ථානය වැඳ පුදා ගත් රජවරු කිහිප දෙනෙකි. අනෙක් රජවරුන්ගෙන් ඒ හා සම්බන්ධ වෙනත් සේවාද ඉටු වී ඇත.
1. වළගම්බා (ක්‍රි.පූ. 29 -17)
ශ්‍රීපාදස්ථානය වැඳගත් ප්‍රථම රජතුමාය
2. සිව්වන මිහිඳු (ක්‍රි.පූ. 956 – 972)
සොලීන් විනාශ කළ සෑ මැදුර ප්‍රතිසංස්කරණය කරන ලදී. ශි‍්‍රපාදය වැන්ද බව සඳහන් නැත.
3. මහ විජයබාහු (ක්‍රි.ව. 1065 -1120)
සිරිපා වන්දනාකරුවන්ට මාර්ගයක් ඉදිකර වීය. (අඹගමුව සෙල්ලිපිය)
4. මහාපරාක්‍රමබාහු (ක්‍රි.ව. 1156 – 1186) -
සිරිපා පියුම නිම කළේය. (රාජාවලිය)
5. නිශ්ශංක මල්ල (ක්‍රි.ව. 1187 – 1196) -
සිරිපා වන්දනා කළේය. (පොළොන්නරුව හැටදාගේ ලිපිය)
6. දෙවන පැරකුම්බා (ක්‍රි.ව. 1236 – 1271)
සිරිපා වන්දනා කළේය (මහාවංශය)
7. බෝසත් විජයබාහු (ක්‍රි.ව. 1232 – 1236)
8. හයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1440 – 1468)
9. වික්‍රමබාහු (ක්‍රි.ව. 1452 – 1511- 1552)
ශ්‍රී පාදය වැන්දේය. (දළදා වංශය) ශ්‍රීපාද ස්ථානයේ පහන් පූජාවක් කළේය. ගල් පඩි බැඳවීය.
10. දෙවන විමලධර්ම සූර්ය (ක්‍රි.ව. 1687 – 1707)
සතියක් සිරිපා මළුවේ වන්දනා කළේය.
11. ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව. 1739 – 1747) -
ශ්‍රී පාදය වැන්දේය
12. කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747 – 1782) -
සිරිපා පුදබිම නැවත බොදුනුවන් අතට පත් කළේය.
13. රාජාධි රාජසිංහ (ක්‍රි.ව. 1780 – 1798)
ශ්‍රී පාදය වැන්දේය.

සිරිපා නැගි විදේශිකයෝ
වජ්‍ර බෝධි හිමී (ක්‍රි.ව. 639) ඉන්දීය
2. සුලෙයිමාන් (ක්‍රි.ව 851) අරාබි
3. අබුසෙයියාදිසෙන් (ක්‍රි.ව. 991) අරාබි
4. මාර්කෝ පෝලෝ (ක්‍රි.ව. 1292) ඉතාලි
5. ඉබන් බතුතා (ක්‍රි.ව. 1347) අරාබි
6. ඩැනියෙල් පාතේ (ක්‍රි.ව. 1684) ජර්මන්
7. හයිඩ්ට් (ක්‍රි.ව. 1737) ඕලන්ද
8. ජේම්ස් හෝල්මන් (ක්‍රි.ව. 1830) ඉංගී‍්‍රසි
9. විල්මට් හෝර්ටන් (ආණ්ඩුකාර) ක්‍රි.ව. 1836) ඉංගී‍්‍රසි
10. එච්. වේල්ස් (ක්‍රි.ව. 1886) ඉංගී‍්‍රසි
මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා " නම් වූ කඳු හතකින් වටවූ "ශ්‍රී පාදය " සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ


කවීෂා මිහිරංගි
නාලන්දා නැණසල
සාමාජික අංක 34
මිරිස්ස





1 comment: